spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අඹුසැමි ගැටුමේ අවසානයෙ සිදුවූ දේ…

රඹුක්කන හේනේපොල ප්‍රදේශයේ දී සිය සැමියා විසින් බිරිඳ ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් මත මුගුරකින් පහර දී එම ඝාතනය සිදුකර ඇති බවය.

මියගොස් ඇත්තේ 62 හැවිරිදි රඹුක්කන පත්තම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

එම අඹුසැමි යුවළ අතර කලක සිට පවුල් ආරවුල් පැවති නිසා සිය දියණිය විසින් මහනුවර ප්‍රදේශයේ ඇගේ නිවසට පියාව රැගෙන ගොස් ඇති අතර පැවති නඩු කටයුත්තක් සඳහා සැකකරු නැවත නිවසට පැමිණ සිටිය දී මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වේ.

ඝාතනයට සම්බන්ධ 65 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?