ඉරානය සමඟ කිසිදු සංවාදයක් සිදු නොවන බවත්, සැලසුම් කර නොමැති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් එක්කරමින් ට්‍රම්ප් පෙන්වා දෙන්නේ, ඉරානයට පනවා තිබෙන අමෙරිකානු නාවික අවහිර කිරීම තවදුරටත් පූර්ණ බලයෙන් සහ බලපෑමෙන් පවතින බවයි.
එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතින බවයි ට්‍රම්ප් දැනුම් දෙන්නේ.













