අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් අද දිවයිනට

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරිනියක් අද (19) දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ අනුව සාගර, අන්තර්ජාතික පාරිසරික සහ විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජෝන් නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙනවා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇය ලබන 21 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත බවයි.

ඇයගේ මෙම ශ්‍රී ලංකා සංචාරයේදී ස්වභාවධර්මය, සමුද්‍ර සංරක්ෂණය, ප්ලාස්ටික් භාවිතය, දේශගුණික විපර්යාස සහ වන විනාශය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ඇය ඉන්දියාවේ සහ මාලදිවයිනේ ද සංචාරය කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted