අමෙරිකානු ආණ්ඩුව වසා දැමේ

මාස තුනක කාලයක් සඳහා ෆෙඩරල් වියදම්වලට අදාළ යෝජනාව අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පරාජයට පත් කරනු ලැබීමෙන් පසු අමෙරිකානු ආණ්ඩුව තාවකාලික වසා දැමීමේ අර්බුදයකට ලක් ව තිබෙනවා.

ඊයේ (19) අදාළ යෝජනාව ඉදිරිපත් වුණා.

තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මූලිකත්වයෙන් එය ඉදිරිපත් කළ අතර; ඔහුගේ රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය අතර ඒ සම්බන්ධයෙන් මූලික එකඟතාවක් ද පැවතුණා.

කෙසේ වුව ද; ඊයේ පැවති ඡන්ද විමසීමෙන් අදාළ යෝජනාව පරාජයට පත් ව තිබෙනවා.

යෝජනාව මගින් අමෙරිකානු ණය සීමාව වසර දෙකක් දක්වා අත්හිටුවීම, සහන සේවා සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 110ක අතිරේක මුදලක් වෙන් කිරීම ඇතුළු කරුණු ඉදිරිපත් කර තිබුණා.

සිකුරාදා දිනය (20) වන විට අමෙරිකානු ෆෙඩරල් වියදම් අවසන් වන අතර ඊට පෙර වෙනත් යෝජනාවක් සම්මත නොවුණහොත් අමෙරිකානු ආණ්ඩුවේ කටයුතු තාවකාලික ව අත්හිටුවීමට සිදු වනවා.

යම් හෙයකින් ෆෙඩරල් වියදම් ගෙවීමට නොහැකි වුවහොත් එරට අත්‍යවශ්‍ය නො වන සේවාවල සේවකයින්ට නිවාඩු ලබාදෙන අතර අත්‍යවශ්‍ය සේවකයින්ට සේවයේ නිරත විය හැකි නමුත් ඔවුන්ට වැටුප් ගෙවීම අදාළ කාලය තුළ සිදු නොවන බවයි වාර්තා වන්නේ.

මීට පෙර ද අමෙරිකානු ආණ්ඩුව තාවකාලික ව වසා දමා ඇති අතර 2018 -2019 වසරේ දී දින 35ක කාලයක් ආණ්ඩුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබුණා.

කෙසේ වුව ද මෙම අත්හිටුවීම මගින් සන්නද්ධ සේවා, හදිසි සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල බිඳ වැටීමක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23