අමෙරිකන් ඉතිහාසයේ අඳුරුතම දිනය අදයි

නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට සහ වොෂින්ටන් නුවර පෙන්ටගනයට එල්ල වූ අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 23ක් සපිරෙනවා.

2001 සැප්තැම්බර් 11 අමෙරිකානු ඉතිහාසයේ අඳුරුතම දිනය ලෙස සැළකෙනවා.

ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ බිහිසුණු සහ විශාලතම ප්‍රහාරය ලෙස සැලකෙන සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය අල් කයිඩා ත්‍රස්තවාදීන් විසින් සිදුකළ අතර
අමෙරිකාවට අයත් ගුවන්යානා 4ක් පැහැරගෙන ගොස් එම දැවැන්ත ප්‍රහාරය සිදුකර තිබුණා.

පැහැරගත් ගුවන්යානා 4න් දෙකක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගැටෙන්නට සැළැස් වූ අතර, අමෙරිකානු ආරක්ෂිත කේන්ද්‍රස්ථානය වන පෙන්ටගනයට ද ප්‍රහාර එල්ල කළා.

සිවුවැනි ගුවන් යානයේ සිටි මඟියකු කලබල කිරීම හේතුවෙන් එම ගුවන් යානය පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ දී කඩා වැටුණු බවට වාර්තා වනවා.

අමෙරිකාව විසින් මේ වන විටත් මියගිය පිරිස නිශ්චිතව ප්‍රකාශයට පත් කර නොමැති අතර ගුවන් යානයේ සිටි ත්‍රස්තවාදීන් හැරුණු විට එම ප්‍රහාරවලින් පුද්ගලයන් 2,977ක් පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව වාර්ෂිකව සිදු කෙරෙන අනුස්මරණ උත්සව ගණනාවක් ද අමෙරිකාවේදී අද (11) පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28