අමු මිරිස් 1000 පනී.. වට්ටක්කා 250යි.. එලවළු මිල අහසේ..

හැටන් නගරයේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් දහස (1000/=) ඉහල යද්දි එලවලු මිලද දැඩි ලෙස ඉහල යාමෙන් මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට හැටන් වෙලද පලේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් දහස දක්වා ඉහලගොස් ඇති බවත් එයට අමතරව මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 500ත් 550ත් වට්ටක්කා ක්‍රිලෝව රුපියල් 240ත් 250ත් දක්වාද කරවිල ක්‍රිලෝව රුපියල් 350ත් 370ත් කැරට්, වම්බටු, මෑකරල්, පතෝල, බණ්ඩක්කා, එලබටු, වැනි එලවලු ක්‍රිලෝක රුපියල් 220ත් 260ත් අතර මිලකය විකිනෙන බව ප්‍රදේශයේ ජනතාව පවසති.

මෙයට අමතරව බෝංචි, ලික්ස්, ගෙඩි ගෝවා, වැනි එලවලුද ක්‍රිලෝව රුපියල් 180ත් 220ත් අතර මිලකට විකිනෙන බවත් මෙම තත්වයන් මත එලවලු ගැනිමේදි තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත් වන බවද එම ජනතාව පවසති.

මේ පිලිබදව කරන ලද විමසිමේදි අදහස් දක්වන එලවලු ගොවින් පවසනුයේ මෙම දිනවල එලවලු තොග මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත් එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග එලවලු අලෙවියද දැඩි ලෙස පහල බැසිමෙන් තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.   

– මනුර සුදත් සෙල්ලහේවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30