අමු මිරිස් රුපියල් 1000 පනී… වට්ටක්කා 240යි..

හැටන් නගරයේ අමු මිරිස් හා එලවලු මිල සිග්‍රයෙන් ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට හැටන් වෙලද පලේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 900ත් 1000ත් අතර මිලකට අලෙවි වන අතර වට්ටක්කා ක්‍රිලෝව රුපියල් 220ත් 240ත් දක්වා ඉහල ගොස් ඇත.

එයට අමතරව මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 450ත් 500ත් කැරට්, මෑකරල්,  බංඩක්කා, තක්කාලි, බෝංචි, ක්‍රිලෝව රුපියල් 200ත් 240ත් අතර මිලකටද, ලික්ස්, ගෝවා, නෝකොල්, ක්‍රිලෝව රුපියල් 160ත් 180ත්, අතර මිලකටද වම්බටු, පතෝල, එලබටු, වැටකොලු, ක්‍රිලෝව රුපියල් 250ත් 280ත් අතර මිලකටද කරවිල ක්‍රිලෝව රුපියල් 350ත් 370ත් අතර මිලකටද දෙහි ක්‍රිලෝව රුපියල් 300ක් වැනි මිලකටද අලෙවි වනු ඇත.

එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග තමන්ට එලවලු මිලට ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති.

එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග කැම පැකට්ටුවේ මිලද ඉහල දැමිමට සිදුවන බව නගරයේ සමහර හෝටල් හිමියන්ද පවසති.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන නගරයේ එලවලු වෙලදුන් කිප දෙනකුම පවසනුයේ මෙම දිනවලදි එලවලු මිල ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත එලවලු අලෙවියද දැඩි ලෙස පහල බැසිමත් සමග තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30