අමුතු සරාගි බවක් එනවා කියලා මටත් හිතෙනවා ‘ටැටූ’ එකකින් – නිෂී සමරවීර

රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපිකාවක් ලෙසද කටයුතු කරන නිෂි සමරවීර නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යයන් තුළ කතා බහට ලක්වෙනවා..

ටැටූ විලාසිතාවලට මුල් තැනක් දි ඇය කළ ඡායාරූප කිහිපයක්ම මේ දිනවල සමජ මාධ්‍යයන් හි සංසරණය වන අතර, අප ඇයගෙන් ඒ පිළිබඳව තොරතුරු මෙසේ විමසුවා. 

‘ටැටූ’ එකක් අඳින්න හිතුණේ ඇයි?

‘ටැටූ’ එකක් කරන්නේ ඇත්තටම ලොකු ආසාවක් තිබුණා.

කලා ක්ෂේත්‍රයේ වැඩත් එක්ක එක අදින්න ටිකක් කල් ගියා. මොකද. ටෙලි නාට්‍යයවලට වගේම වෙළෙඳ දැන්විම් වගේම අනෙකුත් කලා කටයුතුවලට ඒක ටිකක් බාධා වෙන හින්දා. නමුත්, මම දැන් කලා කටයුතු භාරගන්නේ අඩුවෙන් හින්දා ‘ටැටූ’ එකක් අදින්න හිතුවා.

 

බයක් දැනුණේ නැද්ද ‘ටැටූ’ එක අදින කොට?

බයක් දැනුනේ නැහැ කිව්වොත් ඒක බොරුවක්. බයක් තිබුණා අඳින කොට. ඇඳපු ටැටූ එක ටිකක් ලොකු එකක් නිස ගොඩක් වෙලා ඉවසන්න වුණා.

 

දැනට ‘ටැටූ’ කියක් විතර ගහලා තියෙනවාද?

දැනට ඇඳලා තියෙන්නේ ‘ටැටු’ දෙකයි. ඒ දෙකම කකුලේ ඇන්දේ. කලව හරියේ.

 

පවුලේ අය මේ විලාසිතාවලට දැක්වූ ප්‍රතිචාර කොයි වගේද?

එහෙම ලොකු බලපෑමක් තිබුනේ නම් නැහැ. ඒත්, මේක අයේ මකන්න බැරි නිසා හොඳට හිතලා මතලා තමයි මේක අඳින්න ගත්තේ. ගෙදර අයත් ඒ උපදෙස් නම් දුන්නා මට.

 

‘ටැටූ’ එකක් ඇන්දම සමාජයේ තියෙන්නේ අඩු පිළිගැනිමක් නේද?

මෙහෙමයි ‘ටැටූ’ කලාව කියන දේ අද ඊයේ ආපු දෙයක් නෙමෙයි. ලංකාවට ලොකු දෙයක් වුණාට පිටරට මේක අලුත් දෙයක් නෙමෙයි.

දැන් නම් මම හිතන්නෙත් ලංකාවෙත් ඒ තත්ත්වයට ඇවිත් කියලා. ගොඩක් තරුණ කට්ටිය ‘ටැටූ’ විලාසිතා කරන්න පෙළෙමිලා ඉන්නවා. නිරූපණ ක්ෂේත්‍රයේ ගොඩක් දැන් මේ විලාසිතා කරනවා.

 

සමහරුගේ මතය නම් ‘ටැටූ’ එකක් ඇන්දාම සරාගි බවක් ඉන් ඉස්මතුවෙනවා කියලා?

ස්කින් කලර් එකට අනුව ගොඩක් අයට ‘ටැටූ’ එකෙන් ලස්සනක් එනවා. ඕනි කෙනෙක් ‘ටැටූ’ එකක් දැක්කොත් ඒක දිහා අනිවාර්යයෙන්ම බලනවා.

මටත් හිතෙනවා අමුතු සරාගි බවක් ‘ටැටූ’ එකකින් එනවා කියලා.

 

තව අලුත් ‘ටැටූ’ එකක් අදින්න අදහසක් නැද්ද?

තව ‘ටැටූ’ එකක් කරන්න අසාවෙන් ඉන්නවා. ඒකත් ඉක්මණටම අදින්න ඕනා.

 

ඔබගේ යාළුවොත් ඉන්නවාද ‘ටැටූ’ විලසිතා කරපු?

මට ‘ටැටූ’ එකක් ඇදපු නැති යාළුවෝ නැති තරම් කිව්වෙත් හරි. ඔක්කොම වගේ පොඩි එකක් හරි ඇදපු අය තමයි ඉන්නේ. මොකද‍, යාළුවෝ අපි හැමේම වගේ කැමතියි ‘ටැටූ’ එකක් විලාසිතාවක් විදිහට කරන්න.

 

151785037 1666730566832817 7967711162444829973 n
151744260 1666730603499480 7247098681570074534 n

කතා බහා – බුද්ධික සේනාධීර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29