අමානුෂික ලෙස ඝාතනය කළ ‘ප්‍රියන්ත ‘ අද අවසන් ගමනේ

පාකිස්ථානයේ දී ඝාතනයට ලක් වූ  ප්‍රියන්ත කුමාර මහතාගේ අවසන් කටයුතු අද(08) සිදු වනවා.

ගනේමුල්ල පොල්හේන පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුවන බවයි වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔහුගේ දේහය පෙරේදා දිනයේ දී මෙරටට රැගෙන පැමිණි අතර මීගමුව රෝහලේ දී පැවති පශ්චාත් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ද එය ඊයේ (07) උදෑසන පවුලේ ඥාතීන් වෙත භාරදෙනු ලැබුවා.

https://youtu.be/lnqJolXqkQw

Update –

පාකිස්ථානයේ දී ප්‍රහාරයකට ලක්ව ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වන විට පැවැත්වෙන බව අප වාර්තාකරු සඳහන් කළා.

ගනේමුල්ල පොල්හේන පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරුණා

මේ අතර අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහා නා හිමියන් විසින් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙත ලිපියක් යවමින් ප්‍රියන්ත කුමාර මහතාට සාධාරණය ඉටු කර දෙන ලෙස සඳහන් කර තිබෙනවා.

  1. Budde darmeye anuwe nan pere athmeye kerapu loku akusela karumeyak me ath me gewande une .dukai habai sathek Hari meheme Pera ath meyeke marande athi. Eke me ath meye meheme Pala dunna .meke katewath nawath wande baha vidhindeme wenewa.