අමාත්‍ය සරත් වීරසේකර කාන්තාවන් ට ඇඳුම් අරන් ගියාද? සරත්ගෙන් ලැබුණු පිලිතුර

ඉදිරියේදිත් උද්ඝෝෂණ සහ රැස්වීම් පවත්වන්නන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

විරෝධතාවලට එක්වු පිරිස් අධිකරණ නියෝගයක් නොමැතිව නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී පක්ෂ විපක්ෂ අදහස් ඉදිරිපත් විය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා,

“තරාතිරම කුමක් වුණත් නීතිය කඩනවා නම් ඒකට පොලීසිය ඉඩදෙන්නේ නෑ. මේ වැඩ වර්ජන සහ රැස්වීම් තහනම් කරලා තියෙන්නේ දේශපාලඥයෝ නෙමෙයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයායි. ඔහු තමා පොලිස්පතිට ඉතා පැහැදිලි නියෝගයක් දීලා තියෙනවා රෝග ව්‍යාප්ත වෙන නිසා රැස්වීම් හා උද්ඝෝෂණ වහාම නැවැත්විය යුතුයි කියලා. නිරෝධායන පනත යටතේ ඔහුට ඒ නියෝගය දෙන්න පුළුවන්. ඒ නිසා පොලීසිය කළේ ඒ කර්තව්‍ය ඉටුකරන එක විතරයි. තරාතිරම කුමක් වුණත් ඉදිරියේ දී වුණත් උද්ඝෝෂණ කරනවා නම් රැස්වීම් කරනවා නම් අපි අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරනවා. අනුර කුමාර මහත්මයාණෙනි ඔබතුමා කිව්වා කාන්තාවන්ට ඇඳුම් අරන් ගියා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මම කිසිදෙයක් කළේ නෑ. මම කළේ පොලිස්පතිතුමාට කියන එක පමණයි. නමුත් මෙතන දී කරානම් ඔබතුමා කියයි ස්ටාලින් ට ඇඳුම් අරන් ගියා කියලා මම. කොහොම වුණත් අපි මීගමුවේදිත් ඒ අයට අවශ්‍ය කරන බෙහෙත් අරන් දුන්නා. මධ්‍යස්ථානයේ සියලුදෙයක් ම අරන් දීලා ඔවුන් ඉතා සතුටින් ඒකේ ඉන්නවා. කවදාවත් නිරෝධායන නතර කරන්නේ නෑ. උද්ඝෝෂණවලට රැස්වීම්වලට අත්අඩංගුවට ගන්න එකත් නතර කරන්නේ නෑ.“

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පති වරයා වෙත ලබාදී ඇති නියෝග දේශපාලන නිතීයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

“මුලතිව්වල තවත් ප්‍රදේශ ගණනාවක සති දෙකක නිරෝධායනයට මේ පිරිස යොමුකරලා තියෙනවා. කිසිදු නීතිමය තත්ත්වයකට පටහැනිව. ඒ නිසා මෙය බලහත්කාරයෙන් පොලීසිය මැදිහත් වී පැහැරගෙන යෑමක්. මේ අය වහාම කැඳවීමට ඔබ තුමා නියෝගයක් ලබාදෙන්න.“

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිරෝධායන අඥාපනත සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගකීම උඳුරාගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත ප්‍රකාශ කළේය.

“පොදු ස්ථානවල හැසිරීමට දීලා තියෙන රෙගුලාසිය තමයි මීටරේ පරතරය සහ මුව ආවරණය පැලඳ සිටීම. එතකොට මේ සියල්ල ක්‍රියාත්මක කිරීමේ නිසි බලධාරියා පොලීසිය නෙමෙයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා. ඊයේ සිදුවීමට උසාවිය ඇප දුන්නා එතැනින් පස්සේ කිසිදු පීසීආර් පරීක්ෂාවක් ඇන්ටිජන් පරීක්ෂාවක් PHI කෙනෙක් නැතුව අත්අඩංගුවට ගන්න ගෙනාපු බස්රථවලින් ම පොලීසිය තීන්දු කරනවා සෞඛ්‍ය නිලධාරීන් තීන්දු කරන්න ඕනෙ දේ.“

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම තුළ ජී.එස්.පි ප්ලස් සහනය පිළිබඳ යළි අනතුරුදායක තත්වයක් ඇතිවිය හැකි බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"පිස්සුද අනේ..හරිනිට එහෙම කොන්දක් තියෙනවද ?"රෝහණ නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
08:09
Video thumbnail
රාවණා ඇල්ල නැරඹීමට ආ නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
01:11
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු - බිම බලාගෙන යන හැටි
00:27
Video thumbnail
එජාපයේ දෙබිඩි පිළිවෙතක් තියෙනවනම් එතන අපිට ඉන්න බැහැ - ආශුගෙන් දැඩි ප්‍රකාශයක්
03:34
Video thumbnail
නාමල්ට අල්ලස් දුන්නැයි කියන ජානකී රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:15
Video thumbnail
අගමැතිතුමිය එක්ක ෆොටෝ ගන්න අපිත් කැමතියි
00:54
Video thumbnail
දෙමළ ඊළම ගැන කිව්ව නිළියට අපි සමාව දෙමු
00:44
Video thumbnail
22 සංශෝධනයට එකඟ වෙන ආශු මාරසිංහ - ඓතිහාසික වැරැද්ද හදන එක නම් මම ඒකට එකඟයි
02:00
Video thumbnail
සජිත් එක්ක විරෝධතාවයට ආපු අය අපිත් එක්කත් ෆොටෝ ගැහුවා
04:06
Video thumbnail
පාර්ලිමේන්තුව ඉස්සරහා ලොකු වලියක් - හරකා උනාට උම්බෑ කියන්න එපා ඕයි
04:45