spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ රාජ්‍ය ආයතන සභාපතිවරු 06 කට අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ තවත් පත් කිරීම් කිහිපයක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස යමුනා පෙරේරාගේ පත්වීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකරගේ පත්වීමට ද අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂගේ පත්වීමට සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් මහාචාර්ය එස්. ආර්.ඩී. රෝසාගේ පත්වීමට ද ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස රත්නසිරි කලුපහනගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී ඇති බවස් සඳහන්.

එමෙන්ම ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු ඒ. ගල්කැටියගේ පත්වීමට ද, ප්‍රසිද්ධ රැගුම්පාලක මණ්ඩලයේ සභාපතිවරිය ලෙස ස්ටෙලා මාරපනගේ පත්වීමටද, ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස ජයන්ත විජේරත්නගේ පත්වීමට ද අනුමැතිය හිමිව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?