අමාත්‍යාංශ ලේකම්වරුන් හතරකගේ පත්වීම් සඳහා අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරුන් සිව්දෙනෙකුගේ පත්කිරීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා (09) හිමිව තිබෙනවා.

ඒ, එම කාරක සභාව පසුගියදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.

ඒ, අනුව බලශක්ති අමාත්‍යාංශයයේ ලේකම් ලෙස මහාචාර්ය කේ.ටී.එම් උදයංග හේමපාලගේ පත්වීම, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.එම්.ජී.එස්.එන්. කළුවැවගේ පත්වීම, කම්කරු අමාත්‍යාංශයයේ ලේකම් ලෙස එස්.එම්. පියතිස්සගේ පත්වීම සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගාගේ පත්වීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්