අම්බානිගේ පුතාගෙ වෙඩිමට අමෙරිකානු ඩොලර් මිලියන 320ක් වැය වෙලා

ලෝක ධනවතුන් අතර 11 වැනි ස්ථානයේ මුකේෂ් අම්බානිගේ බාල පුතු අනන්ට් අම්බානිගේ තුන්දින නිල විවාහ උත්සවය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 320ක් වැය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුම්බායි නුවර ජියෝ වර්ල්ඩ් සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැති මේ සුපිරි විවාහයට අමතරව මාස 7ක් පුරා ආනන්ට් අම්බානි සහ බිරිය රාධිකා මර්චන්ට්ගේ විවාහ ගිවිස ගැනීම, විවිධ උත්සව සහ පෙර මඟුල ඇතුළු සියලු කටයුතු සඳහා වැය වී ඇතැයි ඇස්තමේන්තු කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 600කට වැඩි බව සඳහන්.

අනන්ට් අම්බානි විවාහ උත්සවයට සහභාගී වූ සිය සමීපතම මිතුරන් වන ෂාරුක් ඛාන්, රන්වීර් සිං ඇතුළු පිරිසකට ඉන්දීය රුපියල් කෝටි 2ක් වටිනා අත් ඔර­ලෝ­සුව බැගින් තෑගි කර ඇති අතර, තවත් බොහෝදෙනකුට අධික මිලැති අත් බෑග, රන් මාල සහ නවීන පන්නයේ පාව­හන් තෑගි කර ඇතැයිද වාර්තා වෙනවා.

අති­උ­ත්ක­ර්ෂ­වත් ලෙස පැවැති විවා­හ­ මංගලෝත්සවයට සහ­භාගි වූ අමු­ත්තන්ගේ ප්‍රවා­හන කට­යුතු සඳහා අම්බානි ගුවන් යානා 100ක් කුලි­යට ගත් බව ද සඳහන්.