spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙක් මරුට

අද (28) පෙරවරුවේ අම්බලන්ගොඩ පොලිස් වසමේ රොන්නදූව, කුලීගොඩ ප්‍රදේශයේ කිඩෙල් පෙර පාසල ඉදිරිපිට දී පුද්ගලයෙකුට වෙඩි කර තිබෙනවා.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වැඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදුණු පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්.

මෙම වෙඩි තැබීම සදහා T56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

මියගිය පුද්ගලයා අම්බලන්ගොඩ, උස්මුදුලාව ප්‍රදේශයේ පදිංචි නාමල් සුදත්සිරි නැමති අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර අද (28) උදෑසන පානදුර – පින්වත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය තුළ දී ම ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?