spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අම්බලන්ගොඩ මුහුදේදී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝ 118ක පමණ තොගයක්නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (05) මුර සංචාරයේ යෙදී සිටියදීයි එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර තුනක් පරීක්‍ෂාවට ලක් කර ඇත්තේ.

එහිදී එම උර තුල අසුරන ලද බීඩි කොළ කිලෝ 118යි ග්‍රෑම් 120ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිම‍ට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?