spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අම්බලන්ගොඩ අනතුරකින් මෝටර් රථ රියදුරෙකුට බරපතළයි

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ, මහ පන්සල මංසන්දියේ දී අද (19) උදෑසන සිදු වූ අනතුරකින් මෝටර් රථ රියදුරෙක් බරපතළ තුවාල ලැබුවා.

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථ රියදුරා බලපිටිය මූලික රෝහලට ඇතුලත්කළ බවයි අම්බලන්ගොඩ පොලීසිය පැවසුවේ.

අනතුරින් පසු මෝටර් රථ රියදුරා රථය තුළ සිරවී සිටිය දී ප්‍රදේශවාසීන් හා බස්රථයේ මගීන් එක්ව ඉන් පිටතට ගෙන රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පොලීසිය පැවසුවේ මගී ප්‍රවාහන බස් රථයේ අධික වේගය අනතුරට හේතු වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?