අම්බර් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

යාපනය – ගුරුනගර් ප්‍රදේශයේ දී තල්මසුන්ගේ අම්බර් තොගයක් සමග පුද්ගලයෙකු ඊයේ (19) දින අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමකින් යුත් කිලෝග්‍රෑමයකට ආසන්න අම්බර් තොගයක් කිසියම් පුද්ගලයෙකු විසින් විකිණීමට සූදානම් කරනු ලැබ ඇති බවට ලද තොරතුරකට අනුවයි පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් අදාළ අම්බර් තොගය මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට විකිණීමට සැලසුම් කර ඇති බවට හෙළි ව තිබෙනවා.

සැකකරු වෘත්තියෙන් ධීවරයෙකු වන අතර ඔහු ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙක්.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29