අම්පාරේ කුඹුරුත් දිලීර රෝගයක් නිසා විනාසයි (වීඩියෝ)

අම්පාර උහන ප්‍රදේශයේ කුඹුරු යායවල් ආශ්‍රිතව දිලීර රෝගයක් පැතිර යන බව දසත නිව්ස් වෙත වාර්තාවනවා.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටයි.

අම්පාර උහන ප්‍රදේශයේ කුඹුරු අක්කර ගණනාවක් මෙම දිලීර රෝගය හේතුවෙන් විනාශ වී ගොස් තිබෙනවා.

එම රෝගය පාලනය කර ගැනීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය වගාවට යෙදුවද මෙම දිලීර රෝගය පාලනය නොවූ බවයි ගොවීන් පවසන්නේ.

දිලීර රෝගය හේතුවෙන් ගොයම් ගස නිසරු වී ගොයම් කරල් කළු පැහැ ගැන්වෙන බව ගොවීන් අප සමඟ කියා සිටියා.

කෙසේ වෙතත් ප්‍රදේශයේ ගොවි ජනතාව කෘෂිකර්ම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම දිලීර රෝගය මර්දනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකසා දෙන ලෙසයි.

මේ වන විට දිලීර රෝග පාලනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍යවල මිල අධික බැවින් ඒ සඳහා ආදේශකයක් හෝ ලබා දීමට කටයුතු කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17