spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අම්පාරේ කුඹුරුත් දිලීර රෝගයක් නිසා විනාසයි (වීඩියෝ)

අම්පාර උහන ප්‍රදේශයේ කුඹුරු යායවල් ආශ්‍රිතව දිලීර රෝගයක් පැතිර යන බව දසත නිව්ස් වෙත වාර්තාවනවා.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටයි.

අම්පාර උහන ප්‍රදේශයේ කුඹුරු අක්කර ගණනාවක් මෙම දිලීර රෝගය හේතුවෙන් විනාශ වී ගොස් තිබෙනවා.

එම රෝගය පාලනය කර ගැනීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය වගාවට යෙදුවද මෙම දිලීර රෝගය පාලනය නොවූ බවයි ගොවීන් පවසන්නේ.

දිලීර රෝගය හේතුවෙන් ගොයම් ගස නිසරු වී ගොයම් කරල් කළු පැහැ ගැන්වෙන බව ගොවීන් අප සමඟ කියා සිටියා.

කෙසේ වෙතත් ප්‍රදේශයේ ගොවි ජනතාව කෘෂිකර්ම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම දිලීර රෝගය මර්දනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකසා දෙන ලෙසයි.

මේ වන විට දිලීර රෝග පාලනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍යවල මිල අධික බැවින් ඒ සඳහා ආදේශකයක් හෝ ලබා දීමට කටයුතු කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?