spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අමරවීර, ලසන්ත සහ දුමින්ද නීතිමය ක්‍රියාමාර්ග ගන්න සැරසෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට අද (30) ගත් තීරණයට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පක්ෂ මූලස්ථානයේ දී අද (30) රැස්වූ එම පක්ෂයේ විධායක සභාව විසින් ඔහුව එම තනතුරින් ඉවත් කිරීමේ මෙම තීරණය ගෙන තිබුණා.

අමාත්‍ය මහින්ද අමරවීර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ අතර, ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසු ඒ සඳහා පත්කරනු ලැබුවේ සරත් ඒකනායකයි.

ඊට අමතරව ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක ද ඔවුන් දැරූ තනතුරුවලින් අද දිනයේ ඉවත් කරනු ලැබුවා.

ඒ, අනුව පක්ෂ භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න ඉවත්කළ අතර, දුමින්ද දිසානායක දැරූ ජාතික සංවිධායක ධුරයෙන් ද ඉවත් කළා.

ඔවුන් දෙදෙනා ද මෙම තීරණයට එරෙහිව නීතිමට ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
13
+1
0
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?