ලසන්ත, අමරවීර සහ දුමින්දගේ ශ්‍රීලනිප තනතුරු ගලවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුරින් අමාත්‍ය මහින්ද අමරවීර ඉවත්කර තිබෙනවා.

එමෙන්ම පක්ෂයේ ජාතික සංවිධායක ධූරය දැරූ දුමින්ද දිසානායක එම තනතුරින් ඉවත්කර ඇති අතර, භාණ්ඩාගාරික ධූරය දැරූ ලසන්ත අලගියවන්න ද අදාළ තනතුරින් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට අදාළ තනතුරුවලින් ඉවත්වන ලෙස යෝජනාව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (30) දිනයේ පැවති පක්ෂයේ විධායක සභා රැස්වීමේ දී ඉදිරිපත් කර තිබෙනවා.

පක්ෂයේ විධායක සභාවේ සියලුදෙනා එම යෝජනාව ඒකමතිකව ස්ථිර කර ඇති බවයි වාර්තා වන්නේ.

පුරප්පාඩු වූ එම තනතුරු සඳහා වෙනත් තිදෙනෙක් පත්කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ, අනුව ජාතික සංවිධායක ධුරයට මහියංගණය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන ද, භාණ්ඩාගාරික ධුරයට හෙක්ටර් බෙත්මගේ සහ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරයට සරත් ඒකනායක ද පත්කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) දින පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04