ලසන්ත, අමරවීර සහ දුමින්දගේ ශ්‍රීලනිප තනතුරු ගලවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුරින් අමාත්‍ය මහින්ද අමරවීර ඉවත්කර තිබෙනවා.

එමෙන්ම පක්ෂයේ ජාතික සංවිධායක ධූරය දැරූ දුමින්ද දිසානායක එම තනතුරින් ඉවත්කර ඇති අතර, භාණ්ඩාගාරික ධූරය දැරූ ලසන්ත අලගියවන්න ද අදාළ තනතුරින් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට අදාළ තනතුරුවලින් ඉවත්වන ලෙස යෝජනාව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (30) දිනයේ පැවති පක්ෂයේ විධායක සභා රැස්වීමේ දී ඉදිරිපත් කර තිබෙනවා.

පක්ෂයේ විධායක සභාවේ සියලුදෙනා එම යෝජනාව ඒකමතිකව ස්ථිර කර ඇති බවයි වාර්තා වන්නේ.

පුරප්පාඩු වූ එම තනතුරු සඳහා වෙනත් තිදෙනෙක් පත්කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ, අනුව ජාතික සංවිධායක ධුරයට මහියංගණය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන ද, භාණ්ඩාගාරික ධුරයට හෙක්ටර් බෙත්මගේ සහ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරයට සරත් ඒකනායක ද පත්කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) දින පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01