අමතක වූ ලොතරැයියෙන් රු. කෝටි 60ක මුදලක් හිමි වූ කාන්තාව

කාන්තාවකට හිමිවූ අපූරු ලොතරැයි දිනුමක් ගැන ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයෙන් වාර්තා වේ. 55 හැවිරිදි ලෝරා ස්පියර්ස් දින කිහිපයකට පෙර මෙගා මිලියන්ස් නමැති ලොතරැයියෙන් ටිකට් පතක් මිලදීගෙන තිබුණේ මාර්ගගත (online) ක්‍රමයටය. ඒ එහි දිනුම් මුදල ඩොලර් මිලියන සිය ගණනක් දක්වා ඉහළ යන බව දුටු අවස්ථාවේය. කෙසේ නමුත් පසුව ඇයට මෙම ලොතරැයිය ගැන අමතකව ගොස් තිබිණි. පසුගියදා ඇය වෙනත් පාර්ශ්වයකින් තමාට ලැබුණු ඊමේල් පණිවුඩයක් ඉන්බොක්ස් (Inbox) කොටසේ සොයා ගැනීමට නොහැකි වූ තැන ස්පෑම් ෆෝල්ඩරයේ පරීක්‍ෂා කිරීමට පියවර ගෙන තිබුණාය.

‘කෙනෙක් මට එවපු ඊමේල් එකක් සාමාන්‍යයෙන් ඊමේල් පෙන්වන ඉන්බොක්ස් එකේ සොයා ගන්න නොතිබුණු නිසා මම නිකමට ස්පෑම් ෆෝල්ඩර් එකේ පරීක්‍ෂා කළා. ඒ වෙලාවෙ මම දැක්කා ලොතරැයි ආයතනයෙන් ආපු ඊමේල් එකක් මේ ස්පෑම් එකේ තියෙනවා. මම ඒක විවෘත කරල බැලුවා. මට ලොතරැයි දිනුමක් හිමි වී ඇති බව එහි සටහන් වෙලා තියෙනව දැක්කා. ඒකෙ තිබුණු විස්තරය කියෙව්වම මට අදහගන්න බැරි වුණා. ඒ පාර මම ඉක්මනට ලොතරැයියේ නිල ගිණුමත් පරීක්‍ෂා කරල බැලුවා. ඒක දැකලා මම මහත් පුදුමයට පත් වුණා’. ලෝරාට ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 30 ක විශාල දිනුමක් හිමිව තිබිණි. එය ලංකා රුපියල්වලින් කෝටි 60 කට ආසන්න මුදලකි.
ලෝරා පවසන්නේ දැන් තමා වේලාසනින් විශ්‍රාම ගෙන විවේකීව සිටින්නට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම ඉදිරියේදී තමාගේ ඊමේල් ගිණුම ගැන මීට වඩා අවධානයෙන් සිටින්නට තීරණය කළ බවද ඇය සඳහන් කර තිබේ. ස්පෑම් ෆෝල්ඩරය යනු සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය නොවන සහ සමහර විට කරදරකාරී ඊමේල් පණිවුඩ එකතු වන ෆෝල්ඩරයකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06