spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අභිරහස් ලෙස මියගිය අයෙකුගේ මළ සිරුරක් නිවසක් තුළ

පස්සර පොලිස් බල ප්‍රදේශයට අයත් 13 කණුව, ලුණුපීස්සපතන ප්‍රදේශයේ නිවසක තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (27) පස්වරුවේ සොයගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ 71 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක්.

මෙම පුද්ගලයා නිවසේ තනිව ජීවත්ව ඇති අතර, එම නිවසට අද පස්වරුවේ පැමිණි පුද්ගලයෙක් ඔහු නිවසේ ඇඳක් මත මියගොස් සිටින අයුරු දැක ඒ පිළිබඳව 119 හදිසියි ඇමතුම් අංශයට දැනුම් දී තිබෙනවා.

පසුව පොලිසිය පැමිණ සිදුකළ පරීක්ෂා කිරීම්වලින් පසු මෙම පුද්ගලයාගේ මියයැම පිළිබඳව අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පස්සර පොලිස් ස්ථානය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?