ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන් බව අද කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණ වී තිබෙනවා.
ගෙල සිරවීමෙන් ඇති වූ තුවාල මරණීය තුවාල නොවන බවටයි ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇත්තේ.
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කළ කරුණු දැක්වීම අද කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේදී සිදු කෙරුණා.
ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථනය සහ අයි පෑඩයේ දත්ත විශ්ලේෂණය කළ බවත් එමගින් වැදගත් කරුණු රැසක් අනාවරණය වූ බවත් එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව අදාළ ජංගම දුරකථනයේ සහ අයි පෑඩයේ ෂාෆ්ටර් මහතා තම බිරිඳට සහ බිරිඳගේ මව්පියන්ට සකසන ලද ලේඛන කිහිපයක් ද සොයාගත් බවයි ඔවුන් සඳහන් කළේ.
දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අයි පෑඩයේ තිබූ දත්තවල ලිස්ට් යනුවෙන් සඳහන් වූ ලිපියක් තිබූ බවත් ඒහි KCM යන කෙටි නමින් හඳුන්වන ලද වචනයක් සහ ZIP TIE සහ තවත් භාණ්ඩ කිහිපයක ලැයිස්තුවක් තිබූ බවත් අධිකරණයේදී අනාවරණ වුණා.
KCM යන කෙටි නමින් සයනයිඩ් හඳුන්වන බවත් ZIP TIE යනු යම් දෙයක් ගැට ගැසීමට භාවිත කරන ප්ලාස්ටික් පටියක් බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළා.
ඒමෙන්ම THE LIST ලෙස සඳහන් තවත් නාම ලේඛනයක් ඒ තුළ තිබූ අතර එහි පුද්ගලයන් පස්දෙනෙකුගේ නම් සඳහන්ව තිබූ බවයි හෙළි කෙරුණේ.
ඒ අතර මිසිස් මුතුකුමාරණ, ජගත් සෙනෙවිරත්න, ජයරත්න, ඇන්ටන් හේමන්ත සහ ඊලියන් ගුණවර්ධන යන නම් තිබූ බව සඳහන්. එම පුද්ගලයන්ගේ දුරකථන සහ ලිපිනයක් ද එහි තිබූ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.
අදාළ නම් පහෙන් අවසන් නම් හතර සඳහන් සිව්දෙනා ‘නැති කිරීමේ අදහසක් ඇතුළත් වැකියක්’ ඒ තුළ තිබූ බව විමර්ශන නිලධාරීන් කියාසිටියා.
එමෙන්ම බ්‍රයන් තෝමස්ගේ ඡායාරූප ඇතුළත් PDFගොනුක් ද එම අයි පෑඩය තුළ තිබී සොයාගෙන තිබෙනවා.
විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ ඒ තුළ ජොසපින් තෝමස් සහ ක්‍රිස්ටියන් තෝමස් යන දෙදෙනාගේ ද නම් තිබූ බවයි.
”MOST IMPORTANT WHO IS BEHIND B.T. GET MY MONEY BACK” යනුවෙන් ද එහි සඳහන්.
එමෙන්ම පසුගිය වසරේ දෙසැම්බර් 15 වන දින අවසානයට දිනේෂ් ෂාෆ්ටර් විසින් ඔහුගේ ලේකම්වරයාට තමන් සිටින ස්ථානය යවා ඇති අතර එය සඳහන්ව තිබී ඇත්තේ බොරැල්ල පොදු සුසාන භූමිය ලෙසටයි.
මේ අතර විමර්ශන නිලධාරීන් පැවසුවේ තමන් බ්‍රයන් තෝමස්ගේ ජංගම දුරකථනය ද පරීක්ෂා කළ බවයි.
ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර් සහ බ්‍රයන් තෝමස් අතර 2019 වසරේ දෙසැම්බර් මස 25වන දින සිට 2022 වසරේ දෙසැම්බර් මස 15 වන දින එනම් දිනේෂ් ෂාෆ්ටර් ජීවත්ව සිටි අවසන් දිනය දක්වා සම්ප්‍රේෂණය වූ WhatsApp පණිවිඩ විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළා.
ඒ අතර ෂාෆ්ටර් මහතා මියගිය දිනයේ පස්වරු 2.48යි තත්පර 50ට තමන්ට ඔහුව හමුවීමේ අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කරමින් බ්‍රයන් තෝමස් විසින් ෂාෆ්ටර් මහතාට වට්ස්ඇප් පණිවිඩයක් යවා ඇති අතර ඊට පෙර හමු වූ අවස්ථාවකදී කළ පහරදීමක් ගැන ද එහි සඳහන්.
ෂාෆ්ටර් මහතා බ්‍රයන් තෝමස්ව බොරැල්ල කනත්තට කැඳවීමට උත්සාහ කළ ද ඔහුගේ එම උත්සහය සාර්ථක වී නොමැති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
එමෙන්ම ෂාෆ්ටර් මහතා බ්‍රයන් තෝමස්ට යැවූ ඇතැම් පණිවිඩ මකා දමා ඇති බව ද අධිකරණය හමුවේ අනාවරණ වී තිබෙනවා.
අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණය හමුවේ කියවනු ලැබුවා.
ඔහුගේ ගෙල සිරවීමෙන් ඇති වූ තුවාල මරණීය තුවාල නොවන බවත් සයිනයිඩ් ශරීරගත වීමෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවත් එහි සඳහන්ව ඇති බවයි අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ.














මෘත ශරීරයක් බැලූ බැල්මට සයනයිඩ් හෝ වෙනත් විෂ ද්‍රව්‍යයක් නිසා සිදු වීමෙන් වූවක්ය කියා සැකකිරීමට වෛද්‍යවරයෙකුට නොහැකිද?
FAMILY EKA ARAGENA UK PERMANENT RESIDE WENNA OKKOMA PLAN GAHAPU KENA, AIRPORT YANNA PEYA KIHIPAYAKATA PERA CYNAID ARAGENA CEMETARY GIHIN CYNIDE GANIPU PASTRY WALATA DALA KALA, ITA PASSE EYAMA THAMA DETH SEAT EKE PITIPASSATA THIYALA BANDHAGENA ( LARGE AND LONG CABLE TIE) OLUWATH THUWALA KARAGENA, ATH PA HURAGENA MARILA GIHIN. MARAYI NEH… ARUTA CEMETARY ENNA KIYUWMA U ENNE NATHUWA KILLER EWALA, WAHANE CCTV NATHI THANAKA NAWATHTHALA ARU ENA BAWA DANWALA, ITA PASSE BALEN ATH P BANDHALA, PASTRY WALATA CYNIDE TIKA TIKA MIX KARALA KAWALA, KANNE NATHI KOTA THUWALA WENNA GAHALA, OKKOMA KAWWAIN PASSE WATHURATH POWALA, TIKA TIKA PANA ADHINAKAM BALAGENA INDHALA ITA PASSE PJONE EKA ARAN CHECK KARALA, ARUTA MESSEGE KARANAWA MATA OYAWA HAMUWENNA ONA NAHE KIYALA. EKA THAMAYI WADEYI KALA, EKA THAMAYI MISSION SUCCESSFULLY COMPLETED EVERYTHING FINISH EVERYTHING OK KIYANA SIGNAL EKA.