අභිරහසක් වු චතුරිකාගේ මරණය

මැලේසියාවේ රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් දිවි නසාගත් බව කියන බේරුවල ප‍්‍රදේශයේ කාන්තාවකගේ මරණය සැක සහිත බවට ඇගේ ඥාතීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය එරටට දැනුම් දී ඇත්තේ ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙසයි.

බේරුවල ගල්හේන ප‍්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි දෙදරු මවක් වන චතුරිකා ප‍්‍රියදර්ශනී සිල්වා වයස අවුරුදු දහතුනක දියණියකගේ සහ අවුරුදු දහයක පුතකුගේ මවකි. වසර දහයක පමණ කාලයක් මෙරට රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ නිරතවී සිට ඇති ඇය මීට අවුරුදු එකහමාරකට කලින් රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේම රැකියාවක් සඳහා මැලේසියාවට ගොස් ඇත. එහෙත් මාස දෙකක් ඉක්ම යන්නත් මත්තෙන් කොවිඞ් වසංගතය හේතුවෙන් ඇගේ රැකියාව අහිමි වී ඇති බවත් ඒ නිසා එරට පිළිසකර කරන ආයතතයක රැකියාවක නිරතවූ බවත් ඇගේ දෙමාපියන් සඳහන් කරයි.
එසේ සිදුකර ඇත්තේ මෙරට තරුණයකුගේ උපකාර මත බව ඇගේ දෙමාපියෝ සඳහන් කරති. එහෙත් පසුගිය අගෝස්තු 24 වැනිදා මැලේසියාවෙන් එම කාන්තාවගේ ඥාතීන්ට දැනුම් දී ඇත්තේ චතුරිකා සිය නිවස තුළදී සිය දිවි හානි කරගෙන බවටය. දිවි නසා ගැනීමට කලිනුත් දූ අපිට කතා කළා. හදිසියේ එහෙම දෙයක් සිදුවුණේ කොහොමද කියලා අපිට හිතාගන්න බැහැ. ඒ නිසා එම මරණය පිළිබඳ අපිට සැකයක් තිබෙනවා. ඒ පිළිබඳ අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැමිණිල්ලක් දැම්මා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26