අභියෝග ගැන දසුන් ශානකගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

ඉන්දියාවේදී ලබන මස 5 වැනිදා සිට නොවැම්බර් මස 19 වැනිදා දක්වා පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට අභියෝග තිබුණද, අනෙක් කණ්ඩායම්වලට ශ්‍රී ලංකාව විශාග අභියෝගයක් වනු ඇතැයි ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 ක්‍රිකට් නායක දසුන් ශානක පවසනවා.

එබැවින් ලැබෙන අභියෝගවලට උසස් ලෙස මුහුණදී ශ්‍රී ලංකාවට දෙවැනි වරටත් එක්දින ලෝක කුසලානය කරා රැගෙන ඒම තම කණ්ඩායමේ එකම පැතුම බවයි දසුන් ශානක සඳහන් කළේ.

ඔහු මේ බව කියාසිටියේ අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරය නිමිත්තෙන් කොළඹදී පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින්. ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට පෙර ටෙස්ට් ක්‍රීඩා කරන රටවල හා ටෙස්ට් තත්ත්වය නොමැති රටවල කුසලානය සංචාරය කිරීම ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල දින දෙකක කාලයක් මෙය ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා ජනතාවට ක්‍රිකට් ලෝක කුසලානය දැක ගැනීමට හා ස්පර්ශ කිරීම උදෙසා මෙම සුවිශේෂී අවස්ථාව උදාකරමින් දසුන් ශානක ඇතුලු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනකු පැමිණ කුසලානය පිළිගැනීම සිදු කරනු ලැබුවා.

“ඉදිරියේ එන ලෝක කුසලානයේ අපට අභියෝග තියෙනවා. ඒක නෑ කියන්න කාටවත් බෑ. අභියෝග කියන එක කවදාවත් නිමා වන්නේ නෑ. හැබැයි අනෙක් කණ්ඩායම්වලටත් අපව අභියෝගයක් බව අමතක නොකළ යුතුයි. කුමන අභියෝගය ආවත් ඒ අභියෝගවලට මුහුණ දෙන්න සියලු ක්‍රීඩකයින් සූදානමින් ඉන්නවා. ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන ඉන්දීය තණතිලිවලට උචිත දඟ පන්දු යවන්නන් අපට සිටිනවා. ඉදිරි පෙළ පිතිකරුවන් ලකුණු අතර සිටිනවා. ඒ නිසා ඉන්දීය තණතිලිවලට හා පරිසරයට අපේ ක්‍රීඩකයින් සාර්ථකව මුහුණ දේවි. ඒ ගැන හොද විශ්වාසයක් තියනවා. “ අද ක්‍රිකට් රටාව අනුව ක්‍රීඩකයෝ අලුත් ද පැරණි ද කියා වෙනසක් නෑ. වෙල්ලාලගේ, මතීෂ වගේ නවකයින් මට අවශ්‍ය වේලාවට කඩුලු අරන් දුන්නා. ඒ වගේම සියලු ක්‍රීඩකයින් හොද ජයග්‍රාහී මානසිකත්වයක ඉන්නවා“ යනුවෙන් දසුන් ශානක ප්‍රකාශ කළා..

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලය පුරා පැමිණි ගමන් මාවතේදී ලොකු කුඩා සෑම තරාතිරමකම ප්‍රේක්ෂකයින් කණ්ඩායම සමග සිටි බවත්, ඒ තුලින් ගොඩනැගී ඇති විශ්වාසය ජයග්‍රහණයට හේතුවක් බවයි දසුන් ශානක සඳහන් කළේ.

“ අපේ නරඹන්නන්ගෙන් ලැබුණු විශ්වාසය රැකගෙන ජයග්‍රහණ ගෙනදීමට සියලු ක්‍රීඩකයෝ සැදී පැහැදී සිටිනවා. අපේ ප්‍රේක්ෂකයෝ හැමදාම හැම වේලාවේම අප සමග සිටියා. ආසියානු කුසලානයේ පාකිස්තානය සමග තරගයේ අන්තිම පන්දුව වනතුරු නියපොතු සපමින් අපේ ජයග්‍රහණය දෙස අපේ ජනතාව බලා සිටියා. ඒක විශාල අත්දැකීමක්. ඒ සහයෝගය හා විශ්වාසය අපට වැදගත්. ඒ විශ්වාසය ක්‍රීඩකයින් ලෙස රැක ගෙන ඉදිරියේදී කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවෙනවා. ඔවුන් අපට දෙන ආශිර්වාදය ඉතා විශාලයි. ලෝක කුසලාන තරගාවලියේදීත් ඒ සහයෝගය අපට අවශ්‍ය වෙනවා“

පිතිකරුවෙකු ලෙස තමන් පත්ව ඇති පසුබැසීම පිළිගන්නා බවයි දසුන් ශානක ඉතා නිහතමානීව සඳහන් කළේ.

“ පසුගිය තරග කිහිපයක පන්දුවට පහරදීමේදී ලකුණු අතරට මට එන්න බැරි වුණා. ලෝක කුසලානය පැවැත්වෙන ඉන්දියාවේ තණතිලි පිතිකරුවන්ට ගොඩක් යෝග්‍යයි. ලෝක කුසලාන තරගාවලියේදී මට යළිත් සුපුරුදු දක්ෂතා අතරට එන්න පුලුවන්. ඒ ගැන විශ්වාසයි. අපේ කණ්ඩායම ඉතාම හොද දක්ෂ කණ්ඩායමක්. ලංකාවේ ක්‍රිකට් ගහපු අය පවා හිතුවේ නෑ ආසියානු කුසලාන තරගාවලියේ අපි අවසන් තරගයට එයි කියා. ලෝක කුසලාන තරගාවලියේදී අපි පෙරැළියක් කරනවා. ඒක ක්‍රීඩකයින් හැම දෙනාගේම තියෙන ලොකු බලාපොරොත්තුවක්“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23