අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුට අපහාස වන අයුරින් පුවත් දැමූ සමාජ මාධ්‍යවලට වැඩ වරදියි?

අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) අවසර ලබා දුන්නා.

අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා එම සමාජ මාධ්‍ය ජාලාවලට ප්‍රශ්න 09ක් යොමු කර ඊට අදාළ ව පිළිතුරු ලබාගැනීම සඳහා අවසර ලබාදෙන ලෙසට එම බුද්ධි ඒකකය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

රට තුළ දැඩි ලෙස කතාබහට ලක් වූ ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පිල්ලෙයාන් යන අයට විරුද්ධව පැවරූ නඩු කටයුත්තෙන් පිල්ලෙයාන් නිදහස් කර ඇති බවට සඳහන් කරමින් අභියාචනාධිකරණයට හා තමාට අපහාසයක් වන ආකාරයට එම සමාජ මාධ්‍ය ජාලා ගිණුම්වල අසත්‍ය තොරතුරු පළ කර ඇති බවත් ඒ සඳහා තමාගේ රාජකාරී නිල ඇඳුම් සහිත ඡායාරූප ද පළ කර ඇති බව ද විනිසුරුවරයා එම පැමිණිල්ල මගින් පෙන්වා දී ඇති බව ද එම ඒකකය අධිකරණයට දැනුම්දුන්නා.

එම ප්‍රශ්නගත නඩු කටයුත්ත කිසිදු දිනයක තමා ඉදිරියේ කැඳවීමක් කර නඩු කෘත්‍යයක් ලෙස විභාග නොවූ බවත් ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව තොරතුරු දන්වා යවා ඇති බවට විනිසුරුවරයා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසුවා.

එම සිද්ධියට අමතරව තමන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන්ද එම සමාජ මාධ්‍ය ජාලා හරහා අසත්‍ය තොරතුරු පළ කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසට අභියාචනාධිකරණ විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වාදුන්නා.

පැමිණිලිකාර අභියාචනාධිකරණ විනිසුරුවරයා තම බුද්ධි ඒකකය වෙත කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලට අනුව එම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ කර තිබෙන අසත්‍ය පුවත් හේතුවෙන් සමස්ත අධිකරණ පද්ධතියම හෑල්ලුවට ලක් කරමින් ජනතාවට අධිකරණය කෙරෙහි විශ්වාසය පළුදු කිරීමට උත්සාහ දරා ඇති බවක් පෙනෙන්නට තිබෙන බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නා.

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය ප්‍රකාරව ලැබී තිබෙන බලතල ප්‍රකාරව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ද බුද්ධි ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසුවා.

  1. අසත්‍ය තොරතුරු මහජනතාවට මුදා හැරීම ගැන එම මාධ්‍ය ජාල වේ නිදහසට කරුණු දැක්විය යුතුයි එම නිසා මෙම මාධ්‍ය ජාල යේ හැමවිටම තොරතුරු පරීක්ෂා කරලා සැරයක් ඊට පසුව ජනතාවට මුදා හැරිය යුතුයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53