අභිමානවත් 75 වන නිදහස් දිනය අදයි

ශ්‍රී ලංකාවේ 75 වන අභිමානවත් නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා.

නිදහස් දිනය සමරමින් පවත්වනු ලබන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අද (04) පෙරවරුවේ ගාලු මුවදොරදී ආරම්භවීමට නියමිතයි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

නිදහස සැමරුම් උළෙල අභිමානවත් සහ අලංකාරවත් ව සැමරීම උදෙසා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරින් ඇතුළු සෙසු නිලයන් 3284 දෙනෙකු සහ සන්නද්ධ රථ 179ක් එක්වීමට නියමිතයි.

ඊට අමතරව නාවික හමුදාවේ 867 දෙනෙකු සහ සන්නද්ධ රථ 52ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් ඇතුළු සෙසු නිලයන් 695 දෙනෙකු සහ සන්නද්ධ රථ 109ක්, ශ්‍රී ලංකා පොලිසියේ 336ක් සහ විශේෂ කාර්ය බලකායේ 220 දෙනෙකු ද සහභාගිවීමට නියමිතයි.

එමෙන්ම සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිලධාරීන් 437 දෙනෙකු මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සඳහා එක්වනවා.

මේ අතර, නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව අද (04) දිනය තුළ කොළඹ නගරයේ විශේෂිත රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51