spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අභිමානවත් 75 වන නිදහස් දිනය අදයි

ශ්‍රී ලංකාවේ 75 වන අභිමානවත් නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා.

නිදහස් දිනය සමරමින් පවත්වනු ලබන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අද (04) පෙරවරුවේ ගාලු මුවදොරදී ආරම්භවීමට නියමිතයි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

නිදහස සැමරුම් උළෙල අභිමානවත් සහ අලංකාරවත් ව සැමරීම උදෙසා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරින් ඇතුළු සෙසු නිලයන් 3284 දෙනෙකු සහ සන්නද්ධ රථ 179ක් එක්වීමට නියමිතයි.

ඊට අමතරව නාවික හමුදාවේ 867 දෙනෙකු සහ සන්නද්ධ රථ 52ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් ඇතුළු සෙසු නිලයන් 695 දෙනෙකු සහ සන්නද්ධ රථ 109ක්, ශ්‍රී ලංකා පොලිසියේ 336ක් සහ විශේෂ කාර්ය බලකායේ 220 දෙනෙකු ද සහභාගිවීමට නියමිතයි.

එමෙන්ම සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිලධාරීන් 437 දෙනෙකු මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සඳහා එක්වනවා.

මේ අතර, නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව අද (04) දිනය තුළ කොළඹ නගරයේ විශේෂිත රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?