අභ්‍යාසලාභී උපාධිධාරීන්ට අනතුරු ඇඟවීමක්

අධ්‍යාපන අමාත්‍යංශයට අනියුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් හට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා අනතුරු ඇඟවීමක් සිදු කොට තිබෙනවා.

ඔහු පවසන්නේ එම අමාත්‍යංශයට අනියුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් සියළු දෙනාම 21 වැනි දා පාසල්වලට වාර්තා කළ යුතු බව යි.

එම අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම හෝ නොකිරීම පිළිබඳ තීරණය කරන්නේ ඔවුන් 21 වැනි දාට පාසල් වෙත පැමිණෙන්නේද නොපැමිණෙන්නේද යන්න මත බව ද රත්නසිරි මහතා අවධාරණය කරනවා.

එදිනට පාසල් වෙත වාර්තා නොකරන පිරිස් පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසට තමන් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දුන් බව යි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

උපාධිධාරි අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ දී 58,000ක් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කළ අතර, ඒ අතරින් 18,000ක් අධ්‍යාපන අමාත්‍යංශයට අනියුක්ත කර ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

තවත් උපාධිධාරි අභ්‍යාසලාභීන් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලීමක් කළ හොත් ඕනෑම අවස්ථාවක අවශ්‍ය තරම් උපාධිධාරි අභ්‍යාසලාභීන් ලබාදීමට තම අමාත්‍යංශය සූදානම් බව යි රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා අවධාරණය කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44