spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අබුඩාබි රාජ්‍යයේ ගින්නකින් ශ්‍රී ලංකික කාන්තාවක් ජිවිතක්ෂයට

අබුඩාබි, බානි යාස් ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඇය සමග ගින්නට හසුවූ තවත් 05 දෙනෙකු ද මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ 2021 වසරේ අබුඩාබි රාජ්‍යයට සංචාරක වීසා මත රැකියා සඳහා පිටත්ව ගිය තරුණියක්.

ඇයගේ අනන්‍යතාව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බව සඳහන්.

මෙම ගින්නෙන් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරිය නිවේදනය කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මියගිය පිරිස අතර එකම පවුලේ සාමාජිකයන් පිරිසක් ද වන බවයි අබුඩාබි මාධ්‍ය වාර්තා කළේ.

2018 වසරේ ඔක්තෝම්බර් මාසයේදී, ද බානි යාස් හි පිහිටි නිවසක ගින්නක් ඇතිවීමෙන් දරුවන් පස් දෙනෙකු ඇතුළු අට දෙනෙකු මරණයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?