අබුඩාබි රාජ්‍යයේ ගින්නකින් ශ්‍රී ලංකික කාන්තාවක් ජිවිතක්ෂයට

අබුඩාබි, බානි යාස් ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඇය සමග ගින්නට හසුවූ තවත් 05 දෙනෙකු ද මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ 2021 වසරේ අබුඩාබි රාජ්‍යයට සංචාරක වීසා මත රැකියා සඳහා පිටත්ව ගිය තරුණියක්.

ඇයගේ අනන්‍යතාව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බව සඳහන්.

මෙම ගින්නෙන් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරිය නිවේදනය කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මියගිය පිරිස අතර එකම පවුලේ සාමාජිකයන් පිරිසක් ද වන බවයි අබුඩාබි මාධ්‍ය වාර්තා කළේ.

2018 වසරේ ඔක්තෝම්බර් මාසයේදී, ද බානි යාස් හි පිහිටි නිවසක ගින්නක් ඇතිවීමෙන් දරුවන් පස් දෙනෙකු ඇතුළු අට දෙනෙකු මරණයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20