spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අප ගෝල්ෆේස් එකෙන් අයින් වෙනවා අරගලකරුවන් නිල වශයෙන් දැනුම් දෙයි

 අද (10) දිනයේ දී ගාලු මුවදොර අරගල භූමියෙන්  අරගලකරුවන් ඉවත් වන බව දැනුම්දී තිබෙනවා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙසට බල කරමින් පසුගිය අප්‍රේල් මස 03 වැනි දින අරගලය ආරම්භ විය.

මෙම අරගලය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ප්‍රබල පාර්ශ්වයන් සිය ධුරයන්ගෙන් නීත්‍යානුකූලව ඉවත් වු අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද සිය ධුරයෙන් පසුගිය ජුලි 14 වැනි දින තනතුරෙන් ඉල්ලා අස්වුණා.

පසුව නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වීමත් සමග ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත් වීමට කටයුතු කළ යුතු බවයි පොලිසිය නිවේදනය කළේ.

ඒ අනුව අද දිනයේ දී නිල වශයෙන් හා සම්පුර්ණයෙන්ම ගාලු මුවදොරින් තමන් ඉවත්වන බවට අරගලකරුවන් දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?