අපේ වැරදි තීන්දුව නිසා ආහාර හිඟයක් ඇතිවෙන්න පුළුවන් – රජයේ ඇමතිවරයෙක් කියයි

කෘෂිකර්මාන්තය පිළිබඳව රජය ගත් වැරදි තීන්දුව නිසා ආහාර හිඟයක් ඇති වීමේ බරපතළ තත්ත්වයක් උද්ගතව ඇති බැවින් ඉදිරි කන්නය තුළ නිවැරදි තීන්දු තීරණ ගැනීම ඉතා වැදගත් බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

“මං හිතන්නේ, කෘෂිකර්මාන්තය පිළිබඳ පහුගිය කාලයේ වෙච්ච වැරැද්ද පිළිබඳව යළි යළි කතාකරලා තේරුමක් වෙන්නේ නෑ. අපි හැමෝම දන්නවා අපි ගත්ත තීන්දුව වැරදි තීන්දුවක් නිසා අද රටේ ආහාර හිඟයක් පවා ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම වගා කරපු බිම්වල අස්වැන්න නැතිවෙලා තියෙනවා. ඒ වගේම ජනතාව අද වන්දි ඉල්ලමින් පවතිනවා. ඒ නිසා මම හිතන්නේ කෘෂිකර්මාන්තය පිළිබඳව නැවත වරක් ආපස්සට ගන්නවා ද නැද්ද කියන එක ගැන ලැජ්ජාවක් හිතේ තියාගන්නේ නැතුව හරි දේ කරන්න ඕනකම තියෙනවා මේ ඉදිරි වර්ෂය තුළ. ඉදිරි කන්නය තුළ.”