අපේ බැඳීම වැඩි වුණේ බැන්දට පස්සෙ – මාෂි සිරිවර්ධන

කාලෙකින් තමයි චිත්‍රපටයක් තිරගත වෙන්නේ. තවම ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මොකද චිත්‍රපටය තිරගත වෙලා දවස් කිහිපයක් වෙන්නේ. නිහඬ සෙවනැලි සමාජයට පණිවුඩයක් ලබාදෙන චිත්‍රපටයක්.

නෝනටයි මහත්තයටයි එකම චිත්‍රපටයක වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතන්නේ?

ලොකු සතුටක් ගෙන දෙන අවස්ථාවක්. මොකද පුබුදු චතුරංග කියන්නේ විශිෂ්ට ඝනයේ දක්‍ෂ රංගන ශිල්පියෙක්. ඉතිං ඒ වගේ කෙනෙක් එක්ක රඟපාන්න ලැබීම ගොඩක් සතුටුයි. ගෙදර අපේ ජීවිතය වගේ නෙමෙයිනේ. මේක මගේ මහත්තයාගේ වෘත්තිය. මම තවම සිනමාවට අවතීර්ණ වුණා විතරයි. ඇත්තට ම මහත්තයා වුණාට එයත් එක්ක රඟපාන්න මුලින්ම බය හිතුණා.

ඇයි ඒ?

පුබුදු එක්ක රඟපාද්දි අඩුපාඩු එහෙම කියයි කියන බය තමයි තිබුණේ. නමුත් රඟපෑම කරගෙන යනකොට එතරම් අපහසුතාවයක් ඇති වුණේ නැහැ. මහත්තයා කිව්වේ ඔයාට කියන්න තරම් අඩු පාඩුවක් නැහැ කියලයි. ඔහු මට උපරිම සහයෝගය ලබා දුන්නා.

චිත්‍රපටයට ආරාධනා ලැබුණේ කොහොමද?

අධ්‍යක්‍ෂවරයා පුබුදු එක්ක තමයි ගොඩක් දේවල් කතාබහ කළේ. පිටපතේ තිබුණු සමහර දේවල් වෙනස් කළේ පුබුදු එක්ක කතා බහ කරලා. ඉතිං ඔය වගේ සාකච්ඡාවලට යනකොට එක දවසක් ඔහුත් එක්ක මමත් ගියා. අධ්‍යක්‍ෂවරයා මාව දැකලා මටත් ආරාධනාවක් කළා.

ඒ ආරාධනාවට පුබුදු විරුද්ධ වුණේ නැතිද?

ඔහු මට ගොඩක් දේවල්වලට උදව් කරනවා. අනික ඔහු ගේ විරුද්ධත්වයක් තිබුණේ නැහැ. කසාද බැඳපු අලූත අපි දෙන්නම එකට ෂූටින් යන්න පුළුවන් වුණ චිත්‍රපටයක් නිහඬ සෙවනැලි කියන්නේ.

පසුගිය දවස්වල මොනවද කළේ?

පළමු කොරෝනා රැල්ල ආපු කාලෙම තමයි අපේ කැෆේ මාෂි ව්‍යාපාරය ආරම්භ කළේ. අද වෙනකොට මගේ ව්‍යාපාරය ආරම්භ කරලා අවුරුද්දක් විතර වෙනවා.

ව්‍යාපාරයට පුබුදුගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?

සැලසුම පුබුදුගේ තමයි. හැබැයි අපි දෙන්න එකතු වෙලා තමයි සියල්ල නිර්මාණය කළේ. ඉතාලියානු ආහාර වැඩියෙන් දාලා තමයි කැෆේ මාෂි පටන්ගත්තෙ.

පුබුදු සමඟ ගෙවන ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම හරි සුන්දරයි. අනික අපි හරි සරලව ජීවත් වෙනවා. අපේ බැඳීම වැඩි වුණේ බැන්දට පස්සෙ. මොකද එතකොටනේ අපේ අදහස් හරියටම හුවමාරුවෙන්නේ.

රගපෑමට අලූත් ආරාධනා ලැබෙන්නේ නැතිද?

ඇත්තම කිව්වොත් ටෙලිනාට්‍යවලට තමයි ආරාධනා ලැබෙන්නේ. චිත්‍රපට තුනකට ආරාධනා ලැබුණා. පිටපත් පවා අතට ලැබිලයි තිබුණේ. ඒවා ආරාධනා කරන්න දිනයක් නියම කරලයි තිබුණේ. කොරෝනා වසංගතය නිසා ඒවා සියල්ල දින නියමයක් නැතිව කල්ගියා. ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණාම මම භාරගත්තෙ නැහැ. මොකද මම උසස් අධ්‍යාපන කටයුතු අවසන් කරලා මාස්ටර්ස් කරන්න සූදානම් වෙනවා. ඉතිං ඒකත් එක්ක ටෙලි නාට්‍ය භාරගත්තොත් මගේ වැඩකටයුතු අත පසුවෙයි කියලා හිතුවා. මොකද මම කැෆේ මාෂි ව්‍යාපාරය වගේම ලිනෝනා කියලා මගේම ඇඳුම් ව්‍යාපාරයක් පවා පවත්වාගෙන යනවා. ඒකත් මම කරන්නේ උත්සව කාලෙට විතරයි.

නිහඬ සෙවනැලි චිත්‍රපටයේ ඔබ හොඳම රගපෑම කියලා පුබුදු කිව්වද?

ඔව්. අපි දෙන්නා මීට කලින් චිත්‍රපටයක රගපෑවා. ඒකේ රූගත කිරීම් තවම අවසන් වුණේ නැහැ. ඉන්දියානු අධ්‍යක්‍ෂවරයෙක් යටතේ තමයි වැඩ කළේ. අපි දෙන්නා එකම චිත්‍රපට හතරක රඟපාලා තියෙනවා. එකිනෙකට වෙනස් අධ්‍යක්‍ෂවරු යටතේ වැඩ කරන්න ලැබීමෙන් වෙනස් අත්දැකීම් ලැබුණා. මගේ මහත්තයා ගුරුවරයෙක් වගේ තමයි හැමදේට ම උදව් කරනවා.

පවුලට අලූත් සාමාජිකයෙක් එකතු කරගන්න දැන්ම අදහසක් නැතිද?

හැමෝම අහන ප්‍රශ්නයක්. තව ටිකක් ඉමු. මොකද මේ වසංගත කාලයක් එක්ක ඒ වගේ දෙයකට ටිකක් අමාරුයි. ඉදිරියේදී ඒක බලාපොරොත්තු වෙනවා.

 

 

දිනේෂ් විතාන

දිවයින



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40