අපේ පුංචි “මැණිකේ” ලෝකෙටම ඇහෙන්න කරපු විප්ලවේ මෙන්න

ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ යොවුන් ගායන ශිල්පිනී යොහානි සිල්වා සිය ඉන්දීය සංචාරය නිම කර ඊයේ (12) දිවයිනට පැමිණියා.ඊයේ රාත්‍රි 11.25.ට මුම්බායි සිට ශ්‍රී ලංකන් යානයෙන් ගුවන් මෙරටට පැමිණි යොහානි කටුනායක ගුවන් තොටුපළේදී ඉතා හරසරින් පිළිගනු ලැබුවා.

“මැණිකේ” නිසාම ලොව පුරා ජනප්‍රිය වූ යොහානිගේ පියා, ආදී ආනන්දයෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා රණවිරුවාගේ දියණිය යි.

පසුගිය සමයේ ඇගේ ඉන්දියානු සංචාරය අතරතුර ඇය ගැන පාර්ලිමේන්තුවේදී ද කතාබහක් ඇති වුණා.එමෙන්ම, ලංකාවේ වැඩිම පිරිසක් නරඹා ඇති යූටියුබ් වීඩියෝ අතරින් දැන් ඉහළින්ම වැජඹෙන්නේද ඇගේ “මැණිකේ මගේ හිතේ” ගීතය යි.



අපගේ නවතම වීඩියෝ පුවත්