“අපේ දරුවා අහිමිවුණා.. මෙය ඕනෑම දෙමාපියෙකුට දරාගන්න බැහැ.” – ජනප්‍රිය ගායිකා බ්‍රිට්නි

බ්‍රිට්නි ස්පියර්ස් තමා ගැබ්ගත්බව නිවේදනය කර මසකට පසු, තමා නිතැත් ගබ්සාවකට ලක්වූ බව ප්‍රකාශ කර තිබේ.

ගායිකාව ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා පැවසුවේ ඇයට සහ සහකරු සෑම් ඈෂ්ගරිට ඔවුන්ගේ “ආශ්චර්යමත් දරුවා අහිමි වූ” බව යි.

මෙය සිදුවූයේ, ඇගේ පියාට ඇගේ ප්‍රජනක සෞඛ්‍යය ද ඇතුළුව ජීවිතයේ බොහෝ අංශ පාලනය කළ හැකි නීතිමය විධිවිධානයකින් ගැලවී මාස කිහිපයක් ගෙවෙන විට ය.

නව යොවුන්වියේ පුතුන් දෙදෙනෙකු සිටින 40-හැවිරිදි ස්පියර්ස් මීට පෙර කියා සිටියේ, පුද්ගලික පුහුණුකරුවකු ලෙස රැකියාවේ නියුතු ඈෂ්ගරි සමග පවුලක් ගොඩනැගීමට ඇයට අවශ්‍ය බව යි.

“ගර්භණී කාලෙ මුලදිම අපේ ආශ්චර්යමත් දරුවා අපට අහිමිවූ බව කණගාටුවෙන් කියා සිටිනවා,” ඇය ඉකුත් සෙනසුරාදා සටහන් කළා ය.

ඇය තවදුරටත් මෙසේ පැවසුවා ය: “මෙය ඕනෑම දෙමාපියෙකුට දරාගන්න බැරි කාලයක්”

“අපිට මේක [පිළිසිඳ ගැනීම] ගැන මෙච්චර කලින් නිවේදනය නොකර ඉන්න තිබුණා. ඒත් ඒ ශුභාරංචිය බෙදාගන්න තරම් අපි ගොඩක් උද්‍යෝගයෙන් හිටියේ.”

“අපෙ ශක්තිය තමයි එකිනෙකා කෙරෙහි තියෙන ආදරය. අපි අපේ ලස්සන පවුල වැඩි කරගන්න තව උත්සාහ කරනවා”

උපුටා ගැනීම – BBC සිංහල පුවත් සේවය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද අල්ලස් කොමිසමට ගිය එක ගැන ජනපති අනුර කතාකරයි
03:23
Video thumbnail
සුන්බුන් විපක්ෂයේ කොහෙද දක්ෂ සාමාජිකයෝ..ටයිකෝට් නැට්ටුවට තරම් ඩබල් පොකට් නැට්ටුවට නටන්න බෑ
02:40
Video thumbnail
පාඨලී ටිල්වින්ගේ වීඩියෝවක් ලීක් කරයි..අනේ අපේ ටිල්වින් සිල්වා නඩු අහනවා
02:27
Video thumbnail
මහින්දටත් රනිල්ටත් අත තියන්න එන්න එපා
01:10
Video thumbnail
"මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..යකෝ මේ ආවේ බයට නෙවෙයි ආදරයට"
01:29
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02
Video thumbnail
මහින්දට අත තියලා මාලිමාවේ මළගම සිද්ධ කරගන්න එපා
03:13
Video thumbnail
මෙන්න ඩබල් පොකට්ලගේ කෙරුවාව..ඩබල් පොකට් තඹුත්තේගමින් ගෙනාපු සල්ලිද ? විමල්ට යකා වැහෙයි
08:14
Video thumbnail
අනුරට පුළුවන් නම් මහින්ද මහත්තයාව ඇතුලට දාලා පෙන්නන්නකෝ
02:11
Video thumbnail
මගේ පණ මහින්ද - මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි
01:23