spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“අපේ දරුවා අහිමිවුණා.. මෙය ඕනෑම දෙමාපියෙකුට දරාගන්න බැහැ.” – ජනප්‍රිය ගායිකා බ්‍රිට්නි

බ්‍රිට්නි ස්පියර්ස් තමා ගැබ්ගත්බව නිවේදනය කර මසකට පසු, තමා නිතැත් ගබ්සාවකට ලක්වූ බව ප්‍රකාශ කර තිබේ.

ගායිකාව ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා පැවසුවේ ඇයට සහ සහකරු සෑම් ඈෂ්ගරිට ඔවුන්ගේ “ආශ්චර්යමත් දරුවා අහිමි වූ” බව යි.

මෙය සිදුවූයේ, ඇගේ පියාට ඇගේ ප්‍රජනක සෞඛ්‍යය ද ඇතුළුව ජීවිතයේ බොහෝ අංශ පාලනය කළ හැකි නීතිමය විධිවිධානයකින් ගැලවී මාස කිහිපයක් ගෙවෙන විට ය.

නව යොවුන්වියේ පුතුන් දෙදෙනෙකු සිටින 40-හැවිරිදි ස්පියර්ස් මීට පෙර කියා සිටියේ, පුද්ගලික පුහුණුකරුවකු ලෙස රැකියාවේ නියුතු ඈෂ්ගරි සමග පවුලක් ගොඩනැගීමට ඇයට අවශ්‍ය බව යි.

“ගර්භණී කාලෙ මුලදිම අපේ ආශ්චර්යමත් දරුවා අපට අහිමිවූ බව කණගාටුවෙන් කියා සිටිනවා,” ඇය ඉකුත් සෙනසුරාදා සටහන් කළා ය.

ඇය තවදුරටත් මෙසේ පැවසුවා ය: “මෙය ඕනෑම දෙමාපියෙකුට දරාගන්න බැරි කාලයක්”

“අපිට මේක [පිළිසිඳ ගැනීම] ගැන මෙච්චර කලින් නිවේදනය නොකර ඉන්න තිබුණා. ඒත් ඒ ශුභාරංචිය බෙදාගන්න තරම් අපි ගොඩක් උද්‍යෝගයෙන් හිටියේ.”

“අපෙ ශක්තිය තමයි එකිනෙකා කෙරෙහි තියෙන ආදරය. අපි අපේ ලස්සන පවුල වැඩි කරගන්න තව උත්සාහ කරනවා”

උපුටා ගැනීම – BBC සිංහල පුවත් සේවය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?