අපේ ක්‍රීඩකයෝ 100%ක් දෙන්නේ නැතිවයි තරගය ජයග්‍රහණය කළේ – කණ්ඩම්බි

බංග්ලාදේශය සමඟ ඊයේ (15) පැවති දෙවන එක්දින තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය උපරිම දක්ෂතාවට සමඟ ක්‍රීඩා නොකළ බව ශ්‍රී ලංකා සහාය පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසනවා.

තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කණ්ඩම්බි මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වෙන අවසන් එක්දින තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය උපරිම දායකත්වය කණ්ඩායම සඳහා යොදවනු ඇති බවට තමන් විශ්වාසකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සම්බන්ධයෙන් බංග්ලාදේශ මාධ්‍යවේදීන් කණ්ඩම්බිගෙන් දිගින් දිගටම ප්‍රශ්න විමසා සිටියා.

එහිදී ඔවුන් ප්‍රශ්න කර සිටියේ වනිඳු හසරංග කණ්ඩායම තුළ කුමන ආකාරයේ කාර්යභාරයක් ඉටුකරනවා ද යන්නයි.

ඊට පිළිතුරු ලබා දෙමින් කණ්ඩම්බි පැවසුවේ වනිඳු හසරංග ඉදිරියේ ද හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්වීමට අවශ්‍යව ඇති බවයි.

එහිදී ඔහු නිමා වූ විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේ දී සහ එක්දින තරග දෙකේ දී ඉතා හොඳින් ක්‍රීඩා කළ බව සඳහන් කළා.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (15) පැවති දෙවන එක්දින තරගය ශ්‍රී ලංකාව කඩුලු 03කින් ජයග්‍රහණය කරමින් තරගාවලිය සම කරන්නට සමත් වුණා.

දෙරට අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගය අනිද්දා (18) දිවා තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10