spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අපේ ක්‍රීඩකයෝ 100%ක් දෙන්නේ නැතිවයි තරගය ජයග්‍රහණය කළේ – කණ්ඩම්බි

බංග්ලාදේශය සමඟ ඊයේ (15) පැවති දෙවන එක්දින තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය උපරිම දක්ෂතාවට සමඟ ක්‍රීඩා නොකළ බව ශ්‍රී ලංකා සහාය පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසනවා.

තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කණ්ඩම්බි මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වෙන අවසන් එක්දින තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය උපරිම දායකත්වය කණ්ඩායම සඳහා යොදවනු ඇති බවට තමන් විශ්වාසකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සම්බන්ධයෙන් බංග්ලාදේශ මාධ්‍යවේදීන් කණ්ඩම්බිගෙන් දිගින් දිගටම ප්‍රශ්න විමසා සිටියා.

එහිදී ඔවුන් ප්‍රශ්න කර සිටියේ වනිඳු හසරංග කණ්ඩායම තුළ කුමන ආකාරයේ කාර්යභාරයක් ඉටුකරනවා ද යන්නයි.

ඊට පිළිතුරු ලබා දෙමින් කණ්ඩම්බි පැවසුවේ වනිඳු හසරංග ඉදිරියේ ද හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්වීමට අවශ්‍යව ඇති බවයි.

එහිදී ඔහු නිමා වූ විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේ දී සහ එක්දින තරග දෙකේ දී ඉතා හොඳින් ක්‍රීඩා කළ බව සඳහන් කළා.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (15) පැවති දෙවන එක්දින තරගය ශ්‍රී ලංකාව කඩුලු 03කින් ජයග්‍රහණය කරමින් තරගාවලිය සම කරන්නට සමත් වුණා.

දෙරට අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගය අනිද්දා (18) දිවා තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?