අපේක්ෂාවට තෑගි අරන් ගිය මෝටර්සයිකල් කල්ලියට වැඩ වරදී ද ?

පුද්ගලික යතුරු පැදි සමාජයක් විසින් සංවිධාන කරන ලද යතුරුපැදි සවාරියකට පොලිස් ආරක්ෂාව දීම හා එල්ල වූ මහජන විරෝධය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අදාල යතුරුපැදි සමාජය විසින් මහරගම අපේක්ෂා රෝහල හා කල්පිටිය ප්‍රදේශයේ පාසල් පොත් බෙදාදිමේ වැඩසටහනකට සමගාවීම යතුරුපැදි සවාරියක් පැවැත්විමට පොලිසියෙන් අවසර ඉල්ලා තිබු බවයි.

මීරිගම සිට කල්පිටිය හරහාත් ඉන් පසු අනුරාධපුරය දක්වාත් ගමන් කිරීමට ඔවුන් අවසරය ඉල්ලා තිබුනා. ලියාපදිංචි පුද්ගලික සංවිධානයක් වීම හා සමාජ සේවා කාර්යයක් බැවින් නීත්‍යානුකුළ ඉල්ලිමක් සැලකිල්ලට ගෙන රජයේ ගාස්තු අයකිරීමෙන් පසු ඒ සදහා කොන්දේසි සහිතව අවසර දුන් බවද පොලිස් මූලස්ථානය සදහන් කළා.

කෙසේ වෙතත් මේ පිළිබද මහජනයාගෙන් එල්ල වු විරෝධය හා කොන්දේසි වලට පටහැනිව කටයුතු කිරීම නිසා කල්පිටියේ සිට අනුරාධපුරය දක්වා පැවැත්විමට නියමිතව තිබු යතුරුපැදි සවාරිය නතර කළ බවද අදාල නිවේදනයේ සදහන් ව තිබුනා.

එහි වැඩි දුරටත් සදහන්ව තිබුනේ අදාල යතුරුපැදිකරුවන් නීතියට පටහැනිව කටයුතු කර තිබේ නම් ඊට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33