අපි සිග්නල් කණු නොවෙයි – රාජ්‍ය ඇමති සුසිල් ගෙන් ආණ්ඩුවට ප්‍රහාරයක්

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභා වාර්තා පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදය අතරතුර සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ඇතැම් ක්‍රියා පිළිබඳව විවේචනාත්මකව අදහස් පළ කර සිටියා.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රශ්න කර සිටියේ, නීති සම්පාදනය සඳහා පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරුන්ට වෙන ස්ථානයක සම්පාදනය කරන නීතිවලට පාර්ලිමේන්තුවේදී අත එසවිය හැකිද යන්නයි.

”අපි මොන්ටිසොරි ගිහිල්ලා මේ ආයතනයට ඇවිල්ලා නෑ. එහෙම අය ඉන්න පුළුවන්. මම නීති උපාධිය කළේ 82 දී ශ්‍රේෂ්ඨාධිකරණයට ආවේ 85 දැන් අවුරුදු 36 ක්. පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු නඩුවෙත් අපි කතා කළා. සමහරු ඒවා දන්නේ නෑ. කොහෙවත් හදනවා නීති මෙතෙන්ට ගේනවා, අපි අත උස්සන්න ඕනි”

ජනතාව මහජන නියෝජිතයින් ලෙස මන්ත්‍රීවරුන් පත් කර ඇත්තේ, සිග්නල් කණු වන්නට නොවන බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

”ජනතාව අපි පත් කරලා තියෙන්නේ කියන එක මේ වර්තාවත් එක්ක මම කියනවා. ඒ කාර්යභාර්ය තමයි අපි ඉටු කරලා තියෙන්නේ. මට මතකයි ගිය ආණ්ඩුව කාලෙ, අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න ක්‍රියාදාමයකට ගියා. මොකද්ද ක්‍රියාදාමය? පාර්ලිමෙන්තුවේ යොජනාවක් සම්මත කරලා , තේරිම් කාරක සභාවක් පත් කරලා අනුකමිටු 06 ක් හදලා. ඒ අනුකමිටුවලට තමයි. තාක්ෂණ සහාය දුන්නේ නීති විශාරදයින්, නැත්තන් මේක ව්‍යවස්ථාදායකය ද අපි මොකටද මේතන ඉන්නේ? අද සමහරු දන්නේ නෑ. ව්‍යවස්ථා හදන්නේ කොහොමද කියලා”

පසුව මූලාසනය මන්ත්‍රීවරයාට තවත් විනාඩි 2ක් පමණක් ඉතිරිව ඇති බව දැනුම්දීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයා මෙලසෙ අදහස් පළ කළේ.

”බලන්න ඔක තමයි වෙලා තියෙන්නෙ, මේ විෂය දන්න විෂයේ හිටපු අයට විනාඩි 11 යි . මේ විෂය දන්නේ නැති ඕනිම කුණුහරුපයක් කියන කෙනෙකුට විනාඩි 15 යි. මේවා කියන්න අපි බය නෑ. පාර්ලිමේන්තුවට අපි එවලා තියෙන්නේ මිනිස්සු ඡන්දයෙන් පත් කරලා. මම සන්ධානයේ ලේකම් හිටියා කවදාවත් ජාතික ලැයිස්තුවෙන් ගියේ නෑ. නාම යෝජනා 12 ක් හදලා තියෙනවා. මහින්ද මහත්තයාගේ නාම යෝජනා 03 ක් අත්සන් කරලා තියෙනවා. මම සමහරුන්ට එවා මතකත් නෑ”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42