අපි සමහර රූගත කිරීම් කළේ රෑ දොළහට එකට විතර

ධනංජිට දැන් සැන්ඩ්‍රි කියන්නද? ධනංජි කියන්නද?

ධනංජි කියමු නේද? මම සුනිල් ප්‍රේමරත්න මහතා අධ්‍යක්ෂණය කළ දෙවැනි චිත්‍රපටය වන නිහඬ සෙවණැලි චිත්‍රපටයේ රඟපාන්නේ සැන්ඩ්‍රි කියන චරිතයයි. සුනිල් අයියාගේ පළමු චිත්‍රපටය වුණු වැලි පහුරු චිත්‍රපටයෙත් මම රඟපෑවා. %නිහඬ සෙවණැලි^ කියන්නේ හොල්මන් චිත්‍රපටයක් වගේම ආදර්ශමත් කතාවක්. ඒක අභියෝගාත්මක නිර්මාණයක්. ඒ නිසා තමයි මම මේ නිර්මාණය කරන්න බාරගත්තේ.

ධනංජිට මෙම චිත්‍රපටයේ වැඩියෙන්ම රඟපාන්න තියෙන්නේ රොමා හෙවත් හරිත් එක්කයි?

ඔව්.. හරිත් වාසල කියන්නෙ වැලි පහුරු චිත්‍රපටයේදිත් මගේ සැමියාට රඟපාපු කෙනායි. ඒ නිසා අපි හොඳට හඳුනනවා. මම හරිත්ට හුරුයි. අපි සමහර රූගත කිරීම් කළේ රෑ දොළහට එකට විතර. ඒ රූගත කිරීම් කරද්දි කට්ටිය අපිව බොරුවටත් බය කළා. එක දර්ශනයකදී මම මහ රෑ හොල්මනක් වෙලා ගහක් උඩ නැගලා ඉන්න කොටසක් රෑගත කිරීම් කළා. මම ගහ උඩ තනියම ඉඳිද්දි හරිත් ඇතුළු කණ්ඩායම බොරුවට ඇවිත් පිටිපස්සෙ ඉඳන් මාව බය කළා. කකුල දිගේ කොළ කෑලි වගේ දේවල් යවලා මාව බය කළා. මුළු ගමම නිදාගෙන ඉඳිද්දි අපි රෑ දොළහට එකට හොඳටම බය වුණු අවස්ථා තිබුණා.

ඔබටත් හරි ලස්සන මුහුණක් ප්‍රියන්ත දැම්මා කියලයි ආරංචිය?

අම්මෝ ඔව්.. ඒ හොල්මන් මූණ හරි ලස්සනයි. ප්‍රියන්ත අයියා (ප්‍රියන්ත දිසානායක) කියන්නේ දක්ෂ වේෂ නිරෑපණ ශිල්පියෙක්. සමහර මේක්අප් කරද්දි අපිට පේන්නෙ නැහැ. පුබුදු අයියව තමයි පේන්නෙම නැතිව ගියේ. පුබුදු අයියා ඒ මේක්අප් එක දැම්මට පස්සේ රෑගත කිරීම් කළේ කියන දේවල් එක්කයි. ඒ වගේ හැමෝම පුදුම කැප කිරීම් කළා. මේක්අප් දැම්මට පස්සේ අපිට මුහුණ අල්ලන්නවත් බැහැ. මට නම් හිතෙන විදිහට ඒ මේක්අප් එක සුපිරියි. අපි දින ගණනාවක් ඒ පැතිවල නතරවෙලයි චිත්‍රපටය රෑගත කිරීම් කළේ. ඒ කිසිම දවසක හිත් රිදීම් කොතනකදිවත් සිදු වුණේ නැහැ. හරිම විනෝදයෙන් ඒ චිත්‍රපටය රූගත කිරීම් කළා.

මේ දවස්වල ධනංජි නිරතවෙලා ඉන්න නිර්මාණ මොනවද?

මේ දවස්වල හාට් කාට් කියන නාට්‍යයෙත්, සුනිල් ටී ප්‍රනාන්දු මහතා නිෂ්පාදනය කරන සුනිල් ප්‍රේමරත්න මහතා අධ්‍යක්ෂණය කරන මීළඟ චිත්‍රපටයටත් ආරාධනා ලැබුණා. ඊට අමතරව 21 ටෙලිනාට්‍යයටත් සම්බන්ධවෙලා ඉන්නවා.

ජීවිතේ කොහොමද?

පෞද්ගලික ජීවිතේ හොඳින් ගෙවෙනවා. මගේ සැමියා දෙව්නක වීරනායක. පහුගිය කාලයේදී කොවිඩ් නිසා වැඩ අඩුයි ඒ නිසා වැඩිපුරම ගෙදර හිටියේ. දෙව්නකත් මේ දවස්වල වෙස්ගත්තෝ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපානවා.

ධනංජි.. ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද?

මට ඉස්සර ගොඩක් බලාපොරොත්තු තිබුණා. හැබැයි කොවිඩ් නිසා දැන් හැමදේටම අනිත්‍යභාවය දැනිලා තියෙන්නේ. ඒ නිසා ලොකුවට ජීවිතේ ප්ලෑන් කරන්න අමාරුයි. මේ කාලයේදී ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන හිටපු දේවලුත් පොඩ්ඩක් පස්සට දාලයි තියෙන්නේ.

දිශානි ජයමාලි කරුණාරත්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
00:00
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40
Video thumbnail
"අපිව පන්නනවා සර්.. අනේ දරුවන්ට මොකද වුණේ කියන්න"
00:45
Video thumbnail
"එකම ඉල්ලීමයි කරන්නේ.. අපේ දරුවෝ නිදහස් කරගන්න රස පරීක්ෂක වාර්තා එවන්න.."
00:55
Video thumbnail
තව ඇතුළේ වෙ# තියනවා - අම්මගේ අදෝනාව ඇහෙන්නේ නැද්ද ?..මේ මි#මරු JVP ආණ්ඩුව අපිට එපා
02:53
Video thumbnail
චමින්ද විජේසිරි බන්ධනාගාර වෑන් රථයෙන් පාර්ලිමේන්තුවට ආ හැටි
00:50
Video thumbnail
සිර දඬුවම් නියම වූ සජබ මන්ත්‍රී චමින්ද පාර්ලිමේන්තුවට ආ හැටි
01:19
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට - රැඳවියන් හතර අතේ දුවයි
01:19
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතුලත බලය STF සහ පොලිසිය අතට ගනී...
00:43
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි
01:17