අපි බියවිය යුත්තේ කොරෝනාවට විතරද. ? කොරෝනා අස්සේ හිස ඔසවන තවත් මාරයෙක් – Another Plague – Lanka Gossip News

කොවිඩ් 19 රෝගයේ භයානකකම ගැන ආයෙත් අටුවා ටීකා අවශ්‍ය නැහැ .

කොරෝනා නිසා අපිට අහිමි වූ ජිවිත , අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට , ආර්ථිකයට විතරක් නෙමේ, අපට හුරු පුරුදු ජීවන රටාවට එල්ල වූ අභියෝග මෙතකැයි කියා තක්සේරු කරන්න අමාරුයි.

හැබැයි අපි නොදැනුවත්වම තවත් සතුරෙක් අපිට එරෙහිව අවි අමෝරා සටනට එන්න සුදානමින්.

ඒ තමයි ඩෙංගු මාරයා.

නම ඇසු පමණින් වුනත් අපේ හිත්වල ලොකු තැතිගැන්මක් ඇතිකරන රෝගයක් , 2017 වසරේ ඩෙංගු වසංගතයේ අමිහිරි අත්දැකීම් තාමත් අපේ මතකය හිරිවට්ටනවා

ඉතින් අයෙත් ඩෙංගු වැඩිවෙලාද ?

ඔව්‍ පසුගිය 2018, 2019 අවුරුදුවලට සාපේක්ෂව අඩු අගයක් වුණත් වැහි කාලය පටන් ගැන්මත් එක්ක ආයෙත් ඩෙංගු රෝගීන් වාර්තා වෙන්න පටන් අරන්.

මැයි මාසේ මැද වෙනකොට රට පුරා ඩෙංගු රෝගීන් 545 ක් වාර්තා වෙනවා ,අවුරුදු මාසේ ඒ ගණන රෝගීන් 1811.

කොයි පළාත්වලද ඩෙංගු වැඩිවෙලා තියෙන්නේ ?

කොළඹ ,කළුතර ,ගම්පහ, රත්නපුර වගේ දිස්ත්‍රික්කවලින් තමයි වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙන්නේ.

කොළඹ මහා නගර සිමාවට අයිති ප්‍රදේශවලත් ඩෙංගු අවදානම ඉහල ගිහින්. සමස්තයක් වශයෙන් ගත්තහම ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම මේ ඩෙංගු අවදානම පැතිරීගෙන යනවා

ඩෙංගු අවදානම වැඩි කොයි වයස්වල අයටද?

වයස් සිමාවක් නැහැ, හැමෝම ලොකු අවදානමක ඉන්නේ , හැබැයි රැකියාවලට යන එන තරුණ හා මැදි වයස්වල පුද්ගලයින් අතර මේ අවදානම වැඩියි.

ඩෙංගු වෙරසය පතුරන ඊඩිස් මදුරුවාගේ දෂ්ඨනයකට, බාහිර පරිසරය තුලදී මේ අය නිරාවරණය වීමේ හැකියාව සාපේක්ෂව වැඩියි.

හැබැයි තමන්ගේ නිවස තුළදීත් ඩෙංගු මදුරුවාගේ දෂ්ඨනයකට ලක්වෙන්න බැරිකමක් නෑ

අපට ඩෙංගු හැදිල කියල අපි දැනගන්නේ කොහොමද ?

කොවිඩ් -19 වගේම ඩෙංගුත් වෙරස රෝගයක් නිසා, රෝගයේ මුල් අවස්ථාවලදී රෝග ලක්ෂණ බෙහෙවින් සමානයි.

ඔබට දින දෙකේ සිට හත දක්වා පවතින උණක්, මස්පිඩු වේදනාවක් , තදබල හන්දි වේදනාවක්, ඇස්යට වේදනාවක්, එහෙමත් නැත්නම් වමනය තියෙනවා නම් ඒ ඩෙංගු රෝගය වෙන්න පුළුවන්

මේ රෝග ලක්ෂණ තිබුනොත් අපි මොකද කරන්න ඕනේ?

උණ සමනය වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන් හැකි ඉක්මනින් ඔබේ පවුලේ වෙද්‍යවරයාගෙන් උපදෙස් ගන්න, නැත්නම් ලඟම පිහිටි රෝහලට යන්න.

මුල් කාලයේම ඩෙංගු හදුනා ගැනීම හරිම වැදගත් වගේම ඩෙංගු කම්පන තත්වය වගේ බරපතල රෝගී තත්වයන් ඇතිවීමත් ඉන් වැළකෙනවා

ඩෙංගු හැදෙන එකෙන් බේරෙන්න අපිට කරන්න යමක් තියෙනවද ?

ඔව්,මේක රජයටවත් සෞඛ්‍ය අංශවලටවත් තනියෙන් දිනන්න පුළුවන් සටනක් නෙමේ. වගකිවයුතු පුරවැසියෙක් විදියට අපි හැමෝගෙම ක්‍රියාශීලි දායකත්වය හරි වැදගත්.

සංචරණ සිමා නිසා දැන් ගෙදර ඉන්න ලැබෙන කාලයත් වැඩියි, ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන සුපරික්ෂාකාරිව හොයල බලලා ඊට පිළියම් යොදන්න අපිට ඕන තරම් කල් තියෙනවා

ගෙදර, ඩෙංගු මදුරුවන් බෝවෙන්න ඉඩ පහසුකම් සලසන වතුර එකතුවෙන ස්ථාන ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න

වැහි පිහිලි , ගෘහාලංකරණයට තියෙන වතුර පිරුනු පොකුණු සතියකට දෙපාරක්වත් සුද්ධ පවිත්‍ර කරන්න අමතක කරන්න එපා

පොල්කටු, වතුර එකතු විය හැකි ඉවතලන භාජන, විනාශ කරන්න, නැත්නම් වතුර එකතු විය නොහැකි තැනක නිසි පරිදි ගබඩා කරන්න

ගෙදර ශීතකරණයේ සහ විසිතුරු මල්බදුන්වල තැටිවල එකතුවෙන වතුර නිතිපතා ඉවත් කරන්න.

ගෙමිදුලේ නිදහසේ ඉන්නකොට හරි,ගේ ඇතුලේ දුවා දරුවන් එක්ක ගතකරන කොට හරි අනුමත මදුරු විකර්ශකයක් ශරීරයේ නිරාවරණය වෙන තැන්වල ගලවන්න. ඩෙංගු මදුරුවා දෂ්ඨනයේ යෙදෙන උදේ 6ත්- 9ත් හවස 3ත් 7ත් අතර කාලයේ එලිපහලියට යනවනම් ශරීරය වැහෙන්න ඇදුමක් අදින්නත් අමතක කරන්න එපා

ඔබ අපි කවුරුත් හොදටම දන්නා විදියට අපි ගෙවමින් ඉන්නේ බොහොම අභියෝගාත්මක කාලයක්. කොවිඩ් වසංගතේ උඩට තව ඩෙංගු වසංගතේකුත් ආවොත් දැනටමත් වෙහෙසකර අපේ සෞඛ්‍ය පද්ධතියට එක දරාගන්න බැරි වේවි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08