spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අපි ආර්ථිකය ගොඩනගමින් ඉන්න අතරේ සමහරු රට බංකොලොත් වෙලා කියා සමහරු චෝදනා කරනවා.

කාබනික පොහොර සටන ජනතාව සමඟ එකතුව ජය ගැනීමට රජය සුදානම් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

මහරගම පතිරගොඩ ජයගත් මාවතේ ප්‍රජා ශාලා භූමියේදී කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම අවස්ථාවේ මාධ්‍යවේදීන් අමාත්‍යවරයාට යොමු කරන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ කාබනික පොහොරවලට හුරුව තිබු ශ්‍රී ලංකාවේ ගොවිබිමි නැවත කාබනික පොහොර යොදා වගා කිරීමට රජය කටයුතු කිරීම වස විස නැති ආහාර ප්‍රචලිත කිරීමටද ඉවහල් වන බවය.

“ලෝකයේ බොහෝ රටවල් කාබනික පොහෝර භාවිතා කරමින් කෘෂිකාර්මික කටයුතු කරන්න පෙළඹී සිටිනවා. චීනය, ඇමරිකාව වැනි ප්‍රබල රටවල් පවා හරිත විප්ලවය ජයග්‍රහණය කරවන්න ප්‍රතිඥා දී තිබෙනවා. ඒ අනුව යමින් තමයි අපේ රජයත් මේ වැඩ පිළිවෙල දියත් කරල තිබෙන්නෙ. කාබනික පොහොර භාවිතා කර ගොවිතැන් කිරීමේ තීරණය රජය හදිසියේ කලබලයෙන් ගත් තීරණයක් නොවෙයි. අනෙක මේ තීරණය රජයේ පොදු ප්‍රතිපත්ති තීරණයක් විදියට ප්‍රකාශයට පත් කළේ ඉකුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති ජයග්‍රහණය කරන්නත් පෙර සිටමයි. රසායනික පොහොර භාවිතය අතහැර කාබනික පොහොර භාවිතයට ගොවියා හුරුකරවීම තාවකාලිකව ගොවියාට යම් පාඩුවක් හා අපහසුතාවක් ඇති කරන සිද්ධියක් වුනත් දීර්ඝකාලීනව එය ගොවියාට මෙන්ම සමස්ථ ජනතාවටම යහපත් වාසදායක තත්ත්වයක් ඇති කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විදේශ විනිමය අඩු වීම නිසා රටේ ආර්ථිකය කඩා වැටී රට බංකොලොත් තත්ත්වයට පත්ව ඇති බවට විවිධ කණ්ඩායම් රජයට චෝදනා එල්ල කළත් කොවිඩ් වසංගතය සාර්ථකව මර්දනය කරමින් රජය ජාත්‍යන්තරය සමඟ රටේ ආර්ථිකය නැවත ගොඩ නගමින් සිටින බවද සඳහන් කළේය. සාම්ප්‍රදායික කර්මාන්තවලට අමතරව නව යුගයට ගැලපෙන තරුණ ආකර්ෂණය දිනාගත් නව නිෂ්පාදන අපනයනය කිරීමටද රජය අවධානය යොමු කර ඒ අනුව කටයුතු කරමින් සිටින බවද අමාත්‍ය ගුණවර්ධන මෙහිදී සඳහන් කළේය.

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව විරුද්ධ පක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තීබු විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් මේ රජය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය නැවත වතාවක් තහවුරු කරන්නට හැකි වූ බවද හෙතෙම සඳහන් කෙළේය. ආණ්ඩුව ඇතුලේ අර්බුද තිබෙන බව පෙන්වීමට විපක්ෂය උත්සහ කළත් විශ්වාසභංග යෝජනාවට විරුද්ධව විරුද්ධ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු දෙන්නෙක් ඡන්දය පාවිච්චි කිරීමෙන් පෙනෙන්නෙ ආණ්ඩු පක්ෂයට වඩා විපක්ෂය ඇතුලේ අර්බුද තිබෙන බව යැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ගුරු වැටුප් වෂමතාව පිළිබඳව පැන නැගී ඇති ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා ගුරු වැටුප් විෂමතා ඇති බව සත්‍යයක් බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර සුදුසු විසඳුම් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවද පැවැසීය.

මේක ජනතාව පත් කර ගත් ජනතාවාදි රජයක්. ඒ නිසා ජනතාවට හානිවෙන කිසි දෙයක් මේ රජයෙන් නොවෙන බව අපිට විශ්වාසයි යැයිද අමාත්‍යවරයා කීවේය.

– විදේශ අමාත්‍යංශය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?