spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අපිත් එක්ක බැරි නිසා මාල දිවයිනට බහින එයා….

මේ වනතෙක් මාලදිවයින දක්වා සිදුකරන ගුවන් ගමන් සංඛ්‍යාව ඉදිරියේ දී වැඩි කිරීමට රුසියාවේ ජාතික ගුවන් සේවය වන එරොෆ්ලොට් තීරණය කර තිබෙනවා.

එ අනුව දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් වාර සංඛ්‍යාව ලබන 10 වනදා සිට ඉහළ දැමෙනු ඇති.බටහිර බලපෑම හමුවේ යුරෝපයේ රටවල් රැසකට සිදුකරන ගුවන් ගමන් නතර කිරීම , ශ්‍රී ලංකාව දක්වා සිදුකල ගුවන් මෙහෙයුම අත්හිටුවීමත් මීට බලපා ඇති බවයි මාලදිවයින් වාර්තාවල සඳහන් වන්නේ.

එසේම වසරේ මේ දක්වා කාලය තුළ රුසියාවෙන් මාලදිවයින වෙත පැමිණ ඇති සංචාරකයන් ගණන 67,088 ක්.

සමස්තයක් ලෙස වසරේ මේ දක්වා මාලදිවයිනට පැමිණ ඇති මුලු සංචාරකයන් ගණන 706,468 ක් බවයි එරට වාර්තා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?