අප්‍රේල් 21 දක්වා කාදිනල් හිමියන් කල් දෙයි

පාස්කු ප්‍රහාරය සදහා නායකත්වය දුන් සහ මේ ප්‍රහාරය මෙහෙය වු මහ මොළකරුවන් හා පුද්ගලයින් වසර 2ක් ගෙවී ගියද තවම නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වුයේ ඇයි දැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කරයි. මේ නිසාවෙන් වගකිව යුතු නිලධාරීන් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ප්‍රමාදයකින් තොරව නීතිය ඉදිරියට ගෙන එන ලෙස ඒ හිමියන් වැඩිදුරටත් පැවසයි. කාදිනල් හිමියන් මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින්

වැඩිදුරටත් ‍උන්වහන්සේ කියා සිටියේ ප්‍රහාරයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම සඳහා ලබන අප්‍රේල් 21 දක්වා කාලය ලබාදෙන බව ද අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

“ජනාධිපති කොමිෂන් සභාව සිය කටයුතුවල යෙදෙන අතර තුර රටේ ආරක්ෂාව භාර අදාළ ආයතන වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රාජ්‍ය බුද්ධි සේවය යන ආයතන මෙම සාපරාධී මිනිස් ඝාතනය පිළිබඳ පරීක්ෂණ ගැඹුරින් සිදුකළාදැයි විශාල සැකයක් අප සතුව තියෙනවා. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් කොටුකර ගැනීමට මෙම එම රාජ්‍ය අංශ කටයුතු කරන බවක් පෙනෙන්නට නොමැති බව පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ. යම් යම් දේවල් කරලා තිබුණත් ඒවා ඕනෑවට එපාවට කරනවා වගේ තමයි අපිට පෙනෙන්නේ. ඒ නිසා බලධාරීන්ගෙන් අහන්නේ, මේ ප්‍රහාරවලට මුල්වු මහ මොළකරුවන් ඒවාට අනුබලදුන් අය, මුදල් දායකත්වය දුන් අය වගේම ඒවා සම්බන්ධයෙන් පවත්වන්නට යෙදුනු විවිධ විමර්ශනයන් දුර්වල කිරීමට හා කඩාකප්පල් කිරීමට අතගැසු අය ගැන පරීක්ෂණ පවත්වා නීතිය හමුවට ගෙන්වීමට වසර 2ක් ගත වුවත් තවමත් නොහැකි වුණේ ඇයි ද යන්න අපට පැහැදිලි කර දෙන්න. සමහර අවස්ථාවල උසස් නිලධාරීන්ට බලපෑම් කළා මේ විමර්ශන ගැන අයුතු දේශපාලන බලපෑම් කරපු අය ගැන ආරංචි අපිට ලැබිලා තියෙනවා.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37