මාර්තුවට සාපේක්ෂව අප්‍රේල් උද්ධමනය සියයට 1.5ක් දක්වා ඉහළ

පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 1.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර මෙරට නිල විදේශ සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහබැංකු නවතම වාර්තා පෙන්වා දෙනවා.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 0.9 සිට 2024 අප්‍රේල් මාසයේ දී 1.5% ක් දක්වා ඉහළ යන ගොස් තිබෙනවා.

මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ දී 2.9% ක් දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයක්

2024 මාර්තු මාසයේ ආහාර උද්ධමනය 3.8% ක් ලෙස සටහන් වුණා.

ආහාර නොවන කාණ්ඩයේ මාර්තු මාසයේදී වාර්තා වූ සියයට 0.5 ක අවධමනයට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දී සියයට 0.9ක උද්ධමනයක් වාර්තා කර තිබෙනවා.

මේ අතර 2022 අගෝස්තු මාසයට පසු ඉහළම අගය වාර්තා කරමින් මාර්තු මාසයේ දී අපනයන ඉපැයීම්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා.

විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මහබැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 9.8ක ඉහළ යෑමක් පෙන්නුම් කරමින් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,139ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, සඳහා රෙදිපිළි හා ඇඟලුම් අපනයන වර්ධනය වීම බොහෝ දුරට හේතු වී ඇතැයි මහබැංකුව පවසනවා.

කෙසේ වෙතත් මෙම වසරේ පළමු මාස තුනේ වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් ඩොලර් මිලියන 1229 ක් දක්වා පුලුල් වී තිබෙනවා.

පසුගිය වසරේ අනුරූප කාලයේ වෙළෙඳ හිඟය වාර්තා වුණේ ඩොලර් මිලියන 896ක් ලෙසයි.

මහබැංකු දත්තවලට අනුව මාර්තු මාසය අවසන් වන විට චීන මහජන බැංකුවෙන් ලැබුණු ඩොලර් බිලියන 1.5ක විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 05ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊට ප්‍රධාන හේතු වූයේ දේශීය විනිමය වෙළෙඳපොලෙන් සැලකිව යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීම් බව මහ බැංකුව පවසනවා.

වසරේ පළමු කාර්තුව තුළ ශුද්ධ මිලදී ගැනීම් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.2ක් ලෙස දැක්වෙනවා.

අප්‍රේල් 30 වැනිදා දක්වා මේ වසරේ ගත වූ කාලය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 9.1කින් අතිප්‍රමාණය වී ඇතැයි ද මහ බැංකුව පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26