අප්‍රිකානු සූකර උණ පාලන මට්ටමේ – ඌරු මස් පරිභෝජනයට ළඟදීම යළිත් අවස්ථාව

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ව්‍යාප්තව පැවති අප්‍රිකානු සූකර උණ රෝගය යම් මට්ටමකින් පාලනය කර ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

මේ සමඟ රෝගය වැළඳී නොමැති ගොවිපළවල මස් නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ මිනිස් පාරිභෝජනය සඳහා යොමු කිරීමට පියවර ගන්නා බවයි එම සංගමය පැවසුවේ.

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව මෙම රෝගය පැතිරීම ආරම්භ වූ අතර, පසුව එය දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම ව්‍යාප්ත වුණා.

මේ හේතුවෙන් පළාත් අතර ඌරන් සහ ඌරු මස් ප්‍රවාහනය තහනම් කිරීමටයි රජය කටයුතු කළේ.

ඊට අමතරව ඌරු මස් අලෙවිය ද තහනම් කෙරුණා.

මේ අතර මෙම උණ රෝගය වැළඳී ඌරන් රැසක් මියයාම හේතුවෙන් ගොවිපොළ රැසක් වැසීගොස් තිබෙනවා.

මෙවැනි තත්ත්වයක එම ගොවිපොළ හිමියන් පවසන්නේ ව්‍යාපාර යළි ගොඩනඟා ගැනීම සඳහා වන්දි මුදලක් ලබාදීමට රජයෙන් කටයුතු කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22