“අප්පච්චිගේ හොඳම ගෝලයා ඇයයි” – සියුම්ය දෑතින් යකඩ කපන මහනුවර කෙල්ල

මිහිදුම් තිරපටවලින් සැරසී ගත් මේ අහස සුන්දර මහනුවරට ගෙන දෙන්නේ ආනන්දයකි. සුදු මුතු දහරින් ඔප මට්ටම් වූ මේ මහනුවර පරිසරය සත්තකින්ම සුන්දරය. රුවැති ලලනාවකගේ හැඩරුව ගති, ඇති මේ පරිසරය භද්‍ර යෞවනියක මෙන් කෝමල පාන්නීය. එහි සිට යකඩයට පන්නරය දෙන මේ සුන්දර යුවතිය ද දිරිය තරුණියක වූවාය. ඇය දහනව වැනි වියේ පසුවන රුවැති තරුණියකි. ඇය යකඩ තරුණියක් ලෙස නම් කළාට වැරදි නැත.
වයස අවුරුදු දහ නවයක් වන ඇය ධනංජනා කුමාරසිංහයි. සුන්දර සීතල මහනුවර වට්ටාරම්තැන්න උපන් ධනංජනා පවුලේ දෙවැනි දුව වූවාය. ගැහැනු ළමයින් තිදෙනෙක් සිටින මේ පවුලේ ධනංජනා දෙවැනි දුවනියයි. ඇයගේ සහෝදරිය විසිවැනි වියේ පසුවන අතර ඇය ජපන් රටේ සිටින්නීය.ධනංජනීගේ අම්මා ගෘහණියකි. ඇය නමින් ජී.පී.එන්. අනුරාධාය (45). ඇගේ තාත්තා රංජිත් උපුල් කුමාරසිංහ යි. මේ පවුලේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ ලියවන පට්ටල් කර්මාන්තයයි. (ලේත් මැෂින් වැඩපොළක් පවත්වාගෙන යෑමයි)

ධනංජනා පාසල් වියේ සිටම තම පියාට උදව් කරන්නට අමතක නොකළාය. හිරිමල් වියේ සිට මේ දක්වාම තම අප්පච්චි සමඟ යකඩ සමඟ හටන් කරමින් ජීවිතයට පන්නරය දෙන්නට කටයුතු කරන්නීය. ඇය සත්තකින්ම යකඩ තරුණියකි.

ඇය පවසන ආකාරයට ඇයගේ කතාන්දරය මෙසේය.

‘‘මම තමයි අපේ පවුලේ දෙවැනි දරුවා. මට වැඩිමල් සහෝදරියක් ඉන්නවා. අපේ පවුලේ අම්මටයි අප්පච්චිටයි පිරිමි දරුවෝ නෑ. අපි තුන්දෙනාම ගැහැනු දරුවෝ වුණාම පිරිමින්ගේ වැඩ කරන්නටත් අපට සිදු වෙනවා. මේ නිසා අපට හැකි පරිදි අප්පච්චිගේ රස්සාවට සහයෝගය දුන්නා. මම මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට ගියේ. උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. පසුව කාර්මික අධ්‍යාපන ආයතනයේ දැනට අධ්‍යාපනය ලබමින් සිටිනවා. මම කුඩා කාලයේ සිටම ගෙදරට පිරිමි ළමයකුගේ අඩුව සපුරා ලන්නට කටයුතු කළා. ඕනෑම බර වැඩක් කරන්න හැකියි. මම පුංචි කාලයේ ඉඳලාම තාත්ත එක්ක වැඩ පොළේ වැඩ කළා.

අප්පච්චි අපි තුන්දෙනාටම දුව කියලා කතා කරන්නේ නෑ. අපිට අප්පච්චි පුතා කියලා තමයි කතා කරන්නේ. කොල්ලෝ නැති ගෙදර ඉතිං කෙල්ලෝ විතරක් ඉන්නවා නම් කෙල්ලන්ගේ වැඩත් කොල්ලන්ගේ වැඩත් කරන්න වෙන්නේ කෙල්ලන්ටම තමයි. ඒක තමයි අපිට කුඩා කාලයේ සිටම හිතුණේ. ඒ නිසා මම තාත්තාගේ වැඩ පොළේ ලේත් මැෂින් සකස් කරන ආයතනයේ යකඩ සමඟ වැඩ කළා. මම කුඩා කාලයේ සිටම යකඩ එක්ක වැඩ කරන්න පුරුදු වුණා.

දැන් මට යකඩ සමඟ ඔට්ටු වෙන එක ඒ හැටි කතන්දරයක් නොවෙයි. වාහනයක, මැෂින් එකක ලේත් එකක් කපන්න, වාහනවල ඕනෑම යකඩ වැඩක් පහසුවෙන් නිවැරදිව සිදු කරන්න මට හැකියි. මම ඒ පන්නරය කුඩා කාලයේ සිටම ඉගෙන ගත්තා. මට මතකයි පාසල් ගිහින් ඇවිත් පාසල් වැඩ අමතර පන්ති වැඩ කරලා පසුව, කෙළින්ම ගියේ ලියවන පට්ටලයට. නැති නම් ලේත් මැෂින් වැඩ පළට. අප්පච්චිට සහයෝගයට මුලින්ම ගියා. පසුව සියලු‍ම වැඩ මම බලාගෙන ඉගෙන ගත්තා. අප්පච්චි කරන සියලු‍ම යකඩ වැඩ මම හොඳින් ඉගෙන ගත්තා.

‘‘තරුණියන්ට යකඩ වැඩ කරන්න හැකි ද අප ඇයගෙන් විමසුවා.

තරුණයෙක්ද තරුණියක්ද යන්න නොවෙයි ප්‍රශ්නය. ඒ රස්සාවට ඒ විෂයට දක්වන උනන්දුව කැපවීම මත තමයි රැකියාවේ සාර්ථකත්වය රඳාපවතින්නේ අන්න ඒ රහස මතයි කියා මා විස්වාස කරනවා.

මම දවසකට වාහන 20ක 25ක ලේත් මැෂින් සකස් කරනවා. සැහැල්ලු‍ ඕනෑම වාහනයක් මට පදවන්න හැකියි. යතුරුපැදියේ සිට බස්, කාර්, වෑන් ආදී ඕනෑම වාහනයක් පදින්නට හැකියි. මට දැනට මෝටර් රථ දෙකක්, යතුරු පැදියක් ද තියනවා. මේවා මම මිල දී ගත්තේ මේ රස්සාව කරලා තමයි. යකඩවලට පන්නරය දී මම මුදල් සොයනවා. ඒකට පිරිමිද ගැහැනු ද කියන එක අදාළ වෙන්නේ නෑ. මගේ වාහනවලින් මම ගමන් බිමන් යන්නේ ගෙදර හා වැඩ පලේ අවශ්‍යතා සඳහා. මම අමතර රියදුරන් ගන්නේ නෑ. මම අප්පචිචී එක්ක එකතුවෙලා වැඩ පොළට අවශ්‍ය කරන බඩුමුට්ටු ගෙන එනවා. මම අප්පච්චිගේ හොඳම ගෝලයා. ඒ වාගේම හොඳම යාළුවා. ලේත් මැෂිත් රස්සාවේ සියලු‍ම වැඩ මට අප්පච්චි උගන්වා තියනවා. මට දැන් අප්පච්චි නැතුව වුණත් ලේත් මැෂින් වැඩ පොළේ රස්සාව කරගෙන යන්න හැකියි. රෑ ද දවල්ද මට වැඩ කරන්න හැකියි. බාල, තරුණ, වැඩිහිටි පිරිමි වැඩිපුරම මේ රස්සාව කර ගන්න අප වැඩ පොළට එනවා. ඒ අයගේ වාහනයේ ප්‍රශ්නයට විසඳුම් දෙනවා.

හබරාදූව නිමල් අල්ගෙවත්තලංකාදීප

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13