අපරාධ විසඳන්න සුවිශේෂී දායකත්වයක් දුන් පොලිසියේ 74කට මුදලින් තෑගි

කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන කොට්ඨාසයන් හි අපරාධ විසඳීමට සුවිශේෂී දායකත්වයක් දැක්වූ පොලිස් නිලධාරීන්ට ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවයක් අද (11) පැවැත් වුණා.

ඒ, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන පොලිස් කොට්ඨාසයන් හි පොලිස් ස්ථාන 27 කට අනුයුක්තව රාජකාරී කරනු ලබන නිලධාරීන් 74 දෙනෙකු වෙනුවෙන් අද (11) දිනයේ සංකේතාත්මකව මෙම ත්‍යාග මුදල් පිරිනමනු ලැබුවා.

මෙමත්‍යාග මුදල් පිරිනැමීම වෙනුවෙන් පොලිස්පති ත්‍යාග අරමුදලින් රුපියල් 19,500,000ක මුදලක් වෙන්කර තිබෙනවා.