අපරාධ රැසකට සම්බන්ධ අයෙක් STF අත්අඩංගුවට

ප්‍රදේශ රැසක ගෙවල් බිඳීම්, බියවැද්දවීම්, මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ඊයේ (27) පස්වරුවේ ජාඇල ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු විසින් සොරකම් කරන ලද භාණ්ඩ රැසක් සන්තකයේ තිබී සොයාගැනීමට හැකිව තිබෙනවා.

53 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.