අපරාධ මැඩලන්න 5000ක් අලුතින් පොලිසියට

අපරාධ මැඩලීමේ අරමුණින් එළඹෙන 2024 වසරේ දී අලුතින් පොලිසියට 5000ක පිරිසක් බඳවා ගැනීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

විපක්ෂ නායකවරයා 27/2 යටතේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ.

අධිවේගී මාර්ග පිවිසුම්වල රාජකාරී සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සේවයේ යොදවා නොමැති අතර, අධිවේගී මාර්ග පද්ධතියේ ගිනි නිවීම් සහ ජීවිත ගලවා ගැනීමේ රාජකාරී කටයුතු විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරනු ලබන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

එම සියළුම භටයන් අධිවේගී මාර්ගවල රාජකාරිවලින් ඉවත් කිරීම සඳහා පියවර ගෙන ඇති අතර ඊට හේතුව වන්නේ විශේෂ කාර්ය බලකාය අධිවේගී මාර්ගයේ සිදු කරන රාජකාරි වන්නේ රිය අනතුරක් සිදුවූ අවස්ථාවක ක්‍රියාත්මක වීම සහ ගින්නක් ඇති වූ විට ඒ පිළිබඳ කටයුතු කිරීමයි.

නමුත් පසුගිය මාස 11ක කාලය තුළ එලෙස සේවයේ යොදවා ගැනීම් සිදුකර ඇත්තේ අවස්ථා 164කදී පමණයි. එම ස්ථානවල සේවයේ යොදවා ඇති විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 175 දෙනෙකු සඳහා වසරකට රුපියල් මිලියන 260ක පමණ වියදමක් දරණු ලබනවා. හදිසි අනතුරකදී ක්‍රියාත්මක වීම හැර ඔවුන්ට විශේෂ රාජකාරියක් පැවරෙන්නේ නැහැ. මේ වනවිට පවතින මත්කුඩු මාෆියාව මර්ධනය සඳහා විශේෂ කාර්ය බළකාය අවශ්‍ය වන අතර ඒ සඳහා දැනටමත් කාර්මණ්ඩල සාමාජිකයින් 2300 පමණ හිඟයක් පවතිනවා. ඒ පිළිබඳව ද සලකා බලමින් මෙම සාමාජිකයින් 175 ඉවත් කර ගැනීමට පියවර ගනු ලබන බවයි ඔහු පෙන්වා දුන්නේ. කෙසේ නමුත් පොලිසියේ රාජකාරි ඒ ආකාරයෙන්ම කිසිදු වෙනසකින් තොරව සිදු කරනු ලබන බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අධිවේගී මාර්ග පිවිසුම් වල රාජකාරී සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සේවයේ යොදවා නොමැති අතර, අධිවේගී මාර්ග පද්ධතියේ ගිනි නිවීම් සහ ජීවිත ගලවා ගැනීමේ රාජකාරී කටයුතු විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරනු ලබයි. එම සියළුම භටයන් අධිවේගී මාර්ගවල රාජකාරිවලින් ඉවත් කිරීම සඳහා පියවර ගෙන ඇති අතර ඊට හේතුව වන්නේ විශේෂ කාර්ය බළකාය අධිවේගී මාර්ගයේ සිදු කරන රාජකාරි වන්නේ රිය අනතුරක් සිදුවූ අවස්ථාවක ක්‍රියාත්මක වීම සහ ගින්නක් ඇති වූ විට ඒ පිළිබඳ කටයුතු කිරීමයි.

නමුත් පසුගිය මාස එකොළහක කාලය තුළ එලෙස සේවයේ යොදවා ගැනීම් සිදුකර ඇත්තේ අවස්ථා 164කදී පමණයි. එම ස්ථානවල සේවයේ යොදවා ඇති විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 175දෙනෙකු සඳහා වසරකට රුපියල් මිලියන 260 ක පමණ වියදමක් දරණු ලබනවා. හදිසි අනතුරකදී ක්‍රියාත්මක වීම හැර ඔවුන්ට විශේෂ රාජකාරියක් පැවරෙන්නේ නැහැ. මේ වනවිට පවතින මත්කුඩු මාෆියාව මර්ධනය සඳහා විශේෂ කාර්ය බළකාය අපට අවශ්‍යයි. ඒ සඳහා දැනටමත් කාර්මණ්ඩල සාමාජිකයින් 2300 පමණ හිඟයක් පවතිනවා. ඒ පිළිබඳව ද සලකා බලමින් මෙම සාමාජිකයින් 175 මෙලෙස ඉවත් කර ගැනීමට පියවර ගනු ලබනවා. කෙසේ නමුත් පොලිසියේ රාජකාරි ඒ ආකාරයෙන්ම කිසිදු වෙනසකින් තොරව සිදුකරනු ලබනවා.

ලෝකයේ ඕනෑම රටක ගිනි නිවීම් සහ ගලවා ගැනීම් කටයුතු සිදු කරනු ලබන්නේ ගිනි නිවන හමුදාව වැනි අංශ මගින්. අපේ රටේ විශේෂ කාර්ය බළකාය පිහිටවනු ලැබුවේ එවැනි කටයුතු සඳහා නොවේ. 2011 වසරේදී ගිනි නිවීම් හමුදාව මගින් මෙම කටයුතු සිදු කිරීම සඳහා මිල ඉදිරිපත් කිරීමක් සිදුකර තිබුණා. එම මිල ගණන් අධික බැවින් කෙටි කාලයකට පමණක් විශේෂ කාර්ය බළකාය එම සේවයට යොදවා ගත්තත් මේ වනතුරුත් එය සිදුකෙරෙමින් පවතිනවා. මේ වන විටත් මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ අදාල රාජකාරි සිදු කරනු ලබන්නේ ගිනි නිවීම් හමුදාව මගින්. ඒ ආකාරයටම අනෙකුත් අධිවේගී මාර්ගවලත් කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් මේ තීරණය ගනු ලැබ තිබෙනවා.අමාත්‍යංශය සමඟ ද සාකච්ඡා කර, යම්කිසි කාලසීමාවක් ලබාදීමෙන් අනතුරුව විශේෂ කාර්ය බලකාය ඉවත් කර ගැනීම සඳහා නිශ්චිත දිනයක් තීරණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අධිවේගී මාර්ගයේ සිදුවිය හැකි අපරාධමය ක්‍රියාවන් පාලනය කිරීම සඳහා සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා අධිවේගී මාර්ග කොට්ඨාශය මගින් පෙර පරිදිම සිදු කරනු ඇත.

ශ්‍රී ලංකා පොලිසියේ දැනට සාමාන්‍ය සේවයේ පුරප්පාඩු 21422ක්, විශේෂ කාර්ය බලකායේ පුරප්පාඩු 2345ක්, ඇති අතර නිලධාරි හිඟයක් පවතින්නේ ශ්‍රී ලංකා පොලිසියට නිසි පරිදි නිලධාරීන් ස්ථානගතවීම නොවීම නිසා නොව පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් නව නිලධාරීන් බඳවා නොගැනීම නිසාය. මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව 2023 වසරේ නිලධාරීන් දෙදහසක් බඳවාගෙන ඇති අතර 2024 වර්ෂයේදී තවත් නිලධාරීන් 5000ක්‌ බඳවා ගැනීමට කටයුතු කරමින් පවතී.

ශ්‍රී ලංකා පොලිසියේ සියලූම තනතුරු වලට අදාළව බඳවාගැනීම් සහ උසස් කිරීමේ පටිපාටිය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති අතර විධායක සේවා ගණයේ තනතුරු සඳහා එම පටිපාටිය අනුව උසස්වීම් ලබාදීම සිදුකරනු ලබයි. නියාමන සේවා ගනයේ අනුමත බඳවා ගැනීම් හා උසස් කිරීම් පටිපාටියට අදාළව මෙතෙක් පැවැති නඩු කටයුතු හේතුවෙන් උසස් කිරීම් ලබාදීමට අදාල සම්මුඛ පරීක්ෂණ නොපැවැත්විණි. මේ වන විට එම නඩු කටයුතු අවසන් වී ඇති අතර අදාල බදවා ගැනීම් සහ උසස් කිරීමේ පටිපාටිවල කළ යුතු සංශෝධන සිදුකෙරෙමින් පවතී. ඒ අනුව එම සංශෝධන සිදු කිරීමෙන් පසු අදාළ උසස්වීම් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනු ඇත.

  1. Police comision can organize a program to enlist members of the armed forces who are having suitable qualification to join Police service. Under this government can reduce the aditional strength of armed forces as the most of the youngsters does not like to join Police due to prevailing situation.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18