කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (09) පස්වරුවේ ඒ මහතා ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ නෙවිල් වර්ගින්ටන් ද සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක වෙදරාලලාගේ අජිත් ශාන්ත මෙත්තානන්ද යන දෙදෙනා එම රියදුරුගේ බිරිඳගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය මැයි මාසයේ 31 වැනි දා තීරණය කිරීම ද මොහුට එරෙහිව ඇති සුවිශේෂී නඩු කටයුතුයි.
එවන් පසුබිමකදියි නෙවිල් සිල්වා මහතා ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.














ඩ්‍රයිවර් කෙනෙක්ව අත්අඩංගුවට ගන්න අපරාධ කොටිඨාශයේ අධ්‍යක්ෂක ගියේ මොකටද ??
එයා ගිහින් තියෙන්නෙ බිරිඳව අත්අඩංගුවට ගන්නද ??