අපරාධ කරන අයට තේරෙන භාෂාවෙන්ම පිළිතුරු දෙන්න පොලිස්පති සූදානම් (වීඩියෝ)

ඊයේ (11) දින සිදුවූ වෙඩි තැබීම් දෙක පිළිබඳ පුළුල් විමර්ශන එම ප්‍රදේශවලටම ගොස් සිදු කරන බවත් මෙවැනි අපරාධවලට ඒ අයට තේරෙන භාෂාවෙන්ම පිළිතුරු ලබා දෙන බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාධ්‍යයට පැවසුවා.

ඊයේ (11) දින සිදු වූ වෙඩි තැබීම් දෙක පිළිබඳ විමර්ශනය කිරීමේදී පැරණි කෝන්තරයක් මත සිදු වෙඩිතැබීමක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමක් තුළින් ඇති වූ සිදුවීමක ප්‍රතිඵලයක් බවත් විමර්ශනය කර ඇති බව පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ, පිටකොටුව ප්‍රදේශයේ හරස් මාර්ග වල සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පාතාලය නවත්වා දෙන්න පිටකොටුවේ පුද්ගලයෙක් පොලිස්පතිවරයාට වැඳ වැටී ඉල්ලා සිටියා.

පිටකොටුව ප්‍රදේශයේ හරස් වීදිවල අද (12) දහවල් පොලිස්පතිවරයා විශේෂ නිරීක්‍ෂණයකට එක්වුණා.

පොලිස් රථවහන කොට්ඨාස මගින් පිටකොටුවේ හරස් මාර්ගවල පවතින අධික රථවාහන තදබදය සහ පදිකයින්ගේ පහසුව වෙනුවෙන් එම මාර්ගවල එක් පසෙකට පමණක් රථවාහන ගාල් කිරීම ක්‍රමවත් කර තිබෙනවා.

මෙම ක්‍රමවේදය දිනෙන් දින වෙනස් කරමින් වෙළඳසැල්වලට පහසුකම් සැපයීමටද කටයුතු යොදා තිබෙනවා.

මේ පිළිබඳ වෙළඳසැල් හිමියන්ද පොලිස්පතිවරයාට සිය ප්‍රසාදය පළ කළා.

එන උත්සව සමය වෙනුවෙන් විශේෂ රථ වාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් අතුරු මාර්ගවල රථවාහන තදබදය අවම කිරීම සඳහා මෙවැනි පියවරක් ගෙන ඇති බවත් පොලිස්පතිවරයා පැහැදිලි කළා.

යුක්තිය මෙහෙයුම සහ පාතාල මර්ධනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස්පති වරයා කියා සිටියේ, ඉදිරි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බවත් පාතාලයේ මර්දනය කිරීමට ඔවුන්ට තේරෙන භාෂාවෙන්ම පිළිතුරු ලබාදෙන බවත් ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08